Lifestyle

මම ඉස්කෝලේ ඇරිල ගෙදර එනකොට තාත්තා අපිව දාල යන්න ලෑස්තිවෙලා, එදයින් පස්සෙ මට ඕන දෙයක් දරාගන්න පුලුවන් වුණා- කාවින්ද්‍යා අධිකාරී

සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරි කියන්නෙ අපේ ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීන ගායන ශිල්පීන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ. කාලයක් එකට සිටි සමිතා සහ අතුල විවාහයෙන් වෙන්වෙලා තමයි මේ වනවිටනම් සිටින්නේ. කාවින්ද්‍යා කියන්නෙත් දෙමාපියන්ගේ ගායන ආභාෂය කුඩා කාලයේ ඉදලා ලැබුණු කෙනෙක්. අන්න ඒ නිසාවෙන්ම තමයි ඇයටත් මේ වනවිට ගායන හැකියාව හොදින් පිහිටලා තිබෙන්නේ.

දක්ෂ ගායිකාවක් වන කාවින්ද්‍යා නිවේදිකාවක් විදියටත් වැඩ කටයුතු කරනවා අපි පුංචි තිරය ඔස්සේ දුටුවා. ඉතින් ඒ විතරක් නෙමෙයි නේ දක්ෂ ගායිකාව ඝරසරප සිනමා නිර්මාණයේ රංගනයෙන් දායක වුණා. ඉතින් ඇයගේ දක්ෂ රංගනයට ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබුණා. ඉතින් කාවින්ද්‍යා සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය විටෙන් විට සමාජ මාධ්‍යට ඡායාරූප එකතු කරනවා වගේම විවිධ පුවත් මවන චරිතයක්.

ඉතින් ඇය තාත්තත් නැතිව අම්මවයි මල්ලිවයි බලාගෙන කාලය ගතවෙද්දී සමිතා මුදුන්කොටුව මහත්මිය චිරන්ත සමගින් විවාහ වෙනවා. ඉතින් තාත්ත ඔවුන්ව දාල යන අත්දැකීම කවි එක්තරා වැඩ සටහනකදී පවසා තිබුණේ මේ විදියටයි.

” මම ඉස්කෝලේ ඇරිල හරි සතුටින් ආවේ. ඒ එනකොට තාත්ත අපිව දාලා ගෙදරින් යන්න ලෑස්තිවෙලා. අම්මා ඒ වෙලාවේ මොකුත් කිව්වෙ නෑ. මං හිතන්නේ කාමරෙට ගිහින් දොරවහලා කෑ ගහල අඬන්න ඇති. නමුත් ඒ කිසි දෙයක් අපිට පෙන්නුවෙ නෑ.

ගොඩක් කට්ටිය කියනවා මම ශක්තිමත් කෙනෙක් කියලා. මට දරාගන්න ශක්තිය ඇති වුණේ අන්න එදා ඉදලා. කවුරුහරි කියනවනම් මමයි මල්ලියි හොද දරුවො කියලා ඒකෙ ක්‍රෙඩිට් එක යන්නෙ අනිවාරෙන්ම අපේ අම්මටයි මම්මටයි.’’

ඉතින් කාවින්ද්‍යා ඇගේ අමිහිරි අත්දැකීම මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment