Lifestyle

සමහරු කියනවා මගේ ඇගේ වෙන ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියල

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ගායනයට රංගනයට වගේම නිවේදනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක්. සමිතා අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා කලාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට උත්සාහ දරන කලාකාරිනියක්. එය උත්සාහයක් පමණක් නොව සාර්ථකත්වය පවා ඇය ගෙන් අපට දැකගන්නට ලැබුණා. ජීවිතය කියන්නේ ලැබීම් නොලැබීම් තියෙන හරි අපූරු තැනක් කියල දැනගෙන ඒවාට නොබියව මුහුණ දෙන කලා කාරණයක් හැටියට අපිට කාවින්ද්‍යා අධිකාරි ව හඳුන්වන්න පුලුවන්.

ඉතින් අපි බලමු කාවින්ද්‍යා මේ දවස් වල මොකද කරන්නේ කියලා. නිවේදන කටයුතු සහ ඇයගේ මව වන සමිතා මුදුන්කොටුවගේ කලායතනයේ වැඩ වලත් එක්කයි ඇයි මේ දවස් වල කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් ඇය ආච්චි අම්මාගේ ඇයගේ මම්මාගේ වියෝවත් එක්කම මානසිකව වැටිලයි සිටියේ. ඒකට හේතුවක් තිබුණා. ඇයගේ මම්මා කාවින්ද්‍යාගේ හැම වැඩකටම ලොකු ශක්තියක් දුන්න කෙනෙක්. ඉතින් ඇගේ වියෝවත් සමඟ ම ඇයට හිතට ලොකු බරක් දැනුනා.

ගොඩක් කට්ටිය කියනවා කාවින්ද්‍යා වැඩ කරන්න ගොඩක් කම්මැලියි කියලා. නමුත් කාවින්ද්‍යා කියන්නේ ඇය කිසිසේත් කම්මැලි කෙනෙක් නෙවෙයි කරන්න ලැබෙන දේ උපරිමයෙන් ම කරන කෙනෙක් හැටියට. එහි ප්‍රතිඵල ප්‍රේක්ෂකයන් විදියට අපට ඇස් පනා පිටම දැකගන්නට තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ඝරසරප චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් නැගී එන නිළිය සම්මානය දෙවතාවක්ම ලබා ගන්නට හැකි වුණා. ඉතින් ඇය වැඩවලට කම්මැලියි කියලා කියන්නේ කොහොමද. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන අරුණ ජයවර්ධනයන් ගේ සක්කාරං ටෙලිනාට්‍ය. ඇය එහි ඉතා සාර්ථකව රංගනය සිදු කරනවා. ඇගේ ප්‍රථම ටෙලිනාට්‍ය එයයි.

ඇයට මේ දිනවල වෙළඳ දැන්වීම් කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ වගේම මුදල් ගනුදෙනු නිසා ඇය ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ටෙලි නාට්‍යවලින් නම් මේ දිනවල ඇයට ආරාධනා ලැබිල නැහැ. ඉතින් ඇය හිතන්නේ ඇගේ ඇගෙහි ගහලා තියෙන මේ ටැටූ නිසා රංගනයට ආරාධනා නොකරනවා ඇති කියලා.

ඇගේ ප්‍රියතම ටැටු විලාසිතාව ගැනත් කතා කරන්නට අමතක කළේ නැහැ. ඇයගේ ඇඟේ ටැටූ 12ක් මේ වෙනකොට ගහල තියෙනවා. ඇය මුලින්ම ටැටූ එකක් ගහලා තියෙන්නේ 2013 වර්ෂයේ දී. ටැටූ කියන්නේ කලාවක් වුණත් ඇය හිතන්නේ ටැටු එකක් ගහන්නේ ලස්සනට වඩා එහි තේරුමක් තියෙන නිසයි. ඇයගේ ඇගේ තියෙන ටැටූ 12ටම තේරුම් තියෙනවා. ගොඩක් මිනිස්සුන්ගෙ විවේචනය එල්ල වන්නේ කාවින්ද්‍යාගේ ටැටූ විලාසිතාවට. ඇය හිතන්නේ තමන් ආස කරන විලාසිතා කරල බලන්න ඕන කියලා. ඇය දිගට තිබුණු කොණ්ඩයත් කපල බලන්නේ කොහොමද ඒක ඈට ගැල්පෙන්නේ කියලා. ඉතින් කාවින්ද්‍යා හිතන්නේ අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනෙ කියල.

ඉතින් ගායනයෙහි ප්‍රවීණයෙක් වන අතුල අදිකාරී ඇගේ පියා බවත් නමුත් ඔවුන් සමග නොසිටින බව අපි කවුරුත් දන්නා දෙයක්. ඇයගේ තිබෙන ලොකු ආශාවක් තමයි තමන්ගේ පියත් එක්ක ගීතයක් ගායනා කිරීමට.පසුගිය දා කාවින්ද්‍යා සමඟ ඇතුල අධිකාරි රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙලා එහිදී ගීත ගායනා කරලා තිබෙනවා. එය දුටු තිළිණ රුහුණගේ කියලා තියෙන්නේ අතුල අධිකාරිට කාවින්ද්‍යා සමගින් මුලින්ම ගීතයක් ගායනා කරන්න හදලා දෙන්නේ ඔහු කියලා. කාවින්ද්‍යාගේ තියෙන ආසාවක් නමුත් කාර්ය බහුලත්වයත් එක්ක ඔවුන්ට ඒ දේ මග හැරී තියෙනව.

ඉතින් ඔවුන් සංගීත වැඩ කටයුතුත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. ඒ නිසා ගෙදර ඉන්නකොට ගෙදර මිනිස්සුන්ව හමුවෙන්න පවා සමහර දිනවලට බැරි වෙනවා. ඒ නිසා අතුල අදිකාරි සමගින් ගීතයක් ගායනා කරන්න කාවින්ද්‍යා අධිකාරිගේ හිතේ තිබුණත් ඒක කරගන්න බැරි වුණේ මෙම කාර්යබහුලත්වය නිසයි.

අතුල අදිකාරි මොවුන්ගේ නිවසේ ජීවත් නොවුනත් ඔවුන්ගේ ඒ තිබුණු සම්බන්ධතා නම් නැතිවෙලා නැහැ. ඔවුන් ඉස්සර වගේ ම කට්ටියම එකතු වෙලා එළියට යනවා. හැමෝම එකතු වෙලා කතා බහ කර කර ඉන්නවා. මේ දිනවල අතුල අධිකාරි නළු භූමිකාව එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා කලාතුරකින් තමයි මොවුන්ව හමුවෙන්නෙ. කාවින්ද්‍යාගේ ජීවිතේ අංක එක වෙලා තියෙන්නේ ඇගේ මම්මා එසේත් නැතිනම් ඇගේ ආච්චි. ඒ මොකද හැම වැඩ කටයුත්තක්ම මම්මා අතින් තමයි සිදු වෙලා තියෙන්නේ. සංගීත ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කරපු ගායන ශිල්පියෙක් සහ ශිල්පිනියක් තමයි කාවින්ද්‍යාගේ අම්මයි තාත්තයි. ඉතිං ඒ නිසා ඔවුන් ඉතාමත් කාර්යබහුල වෙලා තිබුනේ. ඒ නිසා කාවින්ද්‍යාගේ හැම වැඩ කටයුත්තක්ම සිදු කලේ ඇගේ මම්මා. ඒ කියන්නේ සමිතා මුදුන්කොටුවගේ අම්මා. ඇය කියන ආකාරයට ඇගේ ජීවිතයේ අංක එක වෙලා තියෙන්නේ මම්මා. දෙවැනි තැන අම්මටත් තෙවැනි තැන තාත්තටත් තමයි ඇය සඳහන් කලේ.

ඉතින් ඇගේ ආදරේ ගැන මොකද හිතන්නෙ මෙහෙමයි. ඇයගේ ජීවිතේට තවම විශේෂ කෙනෙක් නෑ කියලා තමයි ඇය කියන්නේ. ඉතින් එහෙම විශේෂ කෙනෙක් හිටියත් ඒ දේ තමන් අතරම තියාගන්න එක තමයි හොඳ කියලා කාවින්ද්‍යා හිතන්නේ. මොකද ගොඩක් අය කලාකරුවන් පිලිබදව ඕනවට වඩා හොයන නිසා. කාවින්දයා හිතන්නේ ආදරයක් පටන් ගත්තම තමන් තමන් විය යුතුයි. එහෙම නැතුව විවාහයෙන් පස්සේ තමන්ගේ සැබෑ ස්වරූපය එළියට පෙන්නුවම දෙන්නගෙම ජීවිත අවුල් වෙනවා කියලා. පසු කාලීනව සගවන් හිටපු කෙනා එලියට ආවහම පවුල් තුළ විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. ඒක කාවින්ද්‍යා ගොඩක්ම දැකලා තියෙන්නේ තම පවුල තුළින් සහ යාලුවන්ගෙන් තියන දේවල් එක්ක. ඒ නිසා ඇය විවාහයට හරිම බයයි ලු. ඇයට අවශ්‍ය වී තිබෙන්නේ සතුටින් සිටීමටයි.ඉතින් මෙවන් සුරූපී කලාකාරිනියන් විවාහ නොවී සිටීමටත් කැමැත්තෙන් සිටිනවා.

මේ හැමදේම වගේ සාමාන්‍ය කාන්තාවක් හැටියට කාවින්ද්‍යාට ගෙදර දොරේ වැඩ උයන පිහන දේවල් අස් පස් කරනවා වාහන හෝදන මේ හැමදේමත් කරන්න පුළුවන්. ඒ තරමට ඇය ශක්තිමත් කෙනෙක්. ඇය කලා ක්ෂේත්‍රයට මුලින්ම ආපු කාලේ ඉඳලා ඇයට විවිධ කටකතා මිනිසුන්ගෙන් අහන්නට සිද්ධ වුණා. ඒ මිනිස්සුන්ව නිසියාකාරව අඳුනගත්ත නැති නිසා. නමුත් 2013 වසරෙන් පස්සේ තමයි ඇය මිනිස්සු කවුද කියලා හඳුන ගත්තේ. ඉතින් ඉන්පසුව ඇය විවිධ හැලහැප්පීම් ජීවිතයට එද්දී තේරුම් ගත්තා මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැ කියලා. තමන් නිවැරදිව ජීවත් උනහම ඒ හැමදේම විසඳෙනව කියල.

ඇගේ පවුලට අලුතින් එකතු වුණ සමිතගේ අලුත් සැමියා වන චිරන්ත නිසා ඇයට නිවසේ වැඩ කටයුතු වලට ගොඩක් පහසු වුණා. මල්ලිගෙ වැඩකටයුතු අම්මගෙ වැඩ කටයුතු වලටත් චිරන්ත ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ විතරක් නෙමේ කාවින්ද්‍යාගේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් තමයි චිරන්ත විසින් ලැබෙන්නේ. ඉතින් ඔහු පවුලට සම්බන්ධ වීම ගැන කාවින්ද්‍යා ලොකු සතුටකින් ඉන්නේ. ඇයට ලොකු නිදහසක්. ඔහුගේ වයසත් එක්ක මේ වගේ වගකීම් දරාගැනීම හිතාගන්නටත් බැහැ කියලයි කාවින්ද්‍යා කියන්නේ.

ඉතින් ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසින් අපේ හදවත් තුල ලැගුම් ගත්ත මේ කාවින්ද්‍යා අධිකාරිට අලුත් නිර්මාණයන් රැසක් කිරීමට හැකිවේවා කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment