Lifestyle

හුරු බුහුටි කස්තුරිගේ සැබෑ පෙම්වතා සංගීත් ප්‍රභූද ඇය කියන කතාව මෙන්න

දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවන ස්ථානය ලෙසට අභිෂේක ලබපු චරිතාංග නිලියක් ලෙස කස්තුරි ජයවර්ධන හදුන්වන්න පුලුවන්. අවුරුදු කුමරිය තරගාවලියේ දෙවන ස්ථානය ලබාගැනීමට හැකි වීමත් සමගම ගොඩ දෙනෙක් ඇයව හඳුනා ගන්නට සමත් වුණා. බදුල්ලේ උපන්න ඇය පදිංචි වෙලා ඉන්නේ මහියංගනේ. මේ දිනවල කලා කටයුතු නිසා කොට්ටාවේ තමයි පදිංචි වෙලා ඉන්නේ. කුඩා කාලයේ මහියංගනේ ඉද්දී පුදුමාකාර ළමා කාලයක් තමයි ගත කරලා තිබුණේ. ඇති තරම් සෙල්ලම් කරලා තිබුණා. හැංගිමුත්තන් කරද්දි පුළුවන් උපරිම තැන්වලට ගිහින් හැංගුණා. සමහර ගස් අස්සෙ, ගස් උඩ පවා හැංගිලා සෙල්ලම් කරපු සුන්දර ළමා කාලයක් තිබුණා. ඒ වගේම දඟකාර හැඩකාර කස්තුරි මේ වන විට ගොඩක් ජනප්‍රිය චරිතයක්. අවුරුදු කුමරියගෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි කස්තුරි ප්‍රථම වතාවට රංගනයෙන් දායක වුණේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ. ඇයට එම ටෙලි ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබිල තියෙන්නේ සංගීත් ප්‍රභූ නිසයි.

මේ දිනවල ඇය වැඩිපුරම දකින්නට හම්බ වෙන්නේ නීල පබලු ටෙලිනාට්‍යයේ මහීමා ලෙසයි. මහීමා චරිතය කස්තුරිගේ ජීවිතයට සමානකමක් දක්වනවා. ඒ ගමේ සිට කොලඹට ඇවිත් කරන ජීවිත කතාවක් නිරූපණය කරන නිසා. ඒ විතරක්ම නොවෙයි පෝර්ක් වීදියේ ගුරුවරියක් ලෙසටත් ඇය රංගනයෙන් දායක වෙනවා. වසන්තයේ දිගු දවසක් ටෙලිනාට්‍යයේද කස්තුරි ඉතා දක්ෂ ලෙස රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් සංසරණය වෙනවා ශලනි තාරකාගේ නැගණිය ඇය බවයි. ඒ පිළිබඳව කස්තුරි කිව්වේ ශලනි තාරකා කියන්නේ ඇය ගොඩාක් ආදරේ කරන දක්ෂ කලාකාරිනියක් බවත් ඇය තමන්ගේ සහෝදරිය නොවන බවයි. ඇය පවසන ආකාරයට ශලිනි තාරකා කියලා කියන්නේ උණුවන හදවතක් තියෙන ඕනෑම නොදන්නා කෙනෙකුට එක සිතින් හැමදේම කියලා දෙන සුරූපී රංගන ශිල්පිණියක් කියලා තමයි කස්තුරි කියන්නේ.

උසස් පෙළ අවසන් කරපු කස්තුරි එක්තරා පෞද්ගලික ආයතනයක පුංචි ලමයින්ට ඉංග්‍රීසි ඉගැන්වූවා. ඇය ඒක හරිම ආසාවෙන් තමයි කරලා තියෙන්නේ. ඒකෙන් මුලින්ම රුපියල් 15000 ක් ලැබිලා. ඉතිං කස්තුරි ට හරිම සතුටුයි. තමන්ට ජීවිතේ මුලින්ම ලැබුණු වැටුප තුළින් ඇය අම්මටත් තාත්තටත් අත්තම්මට වගේම සීයටත් ඇඳුම් අරගෙන දීලා තියෙනවා. ඇය ලංකාවේ වැඩිපුරම යන්න ආස කරන තැන තමයි බදුල්ල. මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඇයට හුඟ දවසකින් බදුල්ලට යන්න බැරිවෙලා. මේ දවස් වල නුවරඑළිය තිස්සමහාරාමයේ රූගත කිරීම කෙරෙනවා. ඒ නිසාම ඇයට මේ දවස් ටිකේ අඩුම තරමේ මයියංගණයේ ගෙදරට වත් යන්න බැරිවෙලා තියෙන්නේ.

ඇය ආස කෑම ගැනත් අපට කියන්න අමතක කළේ නැහැ. නිර්මාංශික චරිතයක් වන කස්තුරි ජයවර්ධන බිම් මල් කන්න නම් පුදුම ආසාවක් ලු තියෙන්නේ. කොච්චර කෑවත් බිම් මල් එපා වෙන්නේ නැහැ කියලා තමයි ඇය කියන්නේ. ඒක ඇයගේ පවුලේ අය විතරක් නෙමෙයි යාළුවෝ පවා හොඳට දන්නවා. ඇය කියන විදියට නම් බිම් මල් ඕනම තරමක් කන්න පුලුවන් හැකියාවක් කස්තුරිට තියෙනවලු.

ඇය රංගනයෙන් දායක වුණු සැප්තැම්බරයේ දිග දවසක් ටෙලි නාට්‍යයේ කුමී චරිතය ඇය බෙහෙවින් ආස කරන චරිතයක්. එවැනි චරිතයක් කිරීමට ඇය ආසාවෙන් තමයි පසු වෙලා හිටියෙ. ගැමි කාන්තාවක් වයසින් වැඩි පිරිමියෙක් සමග විවාහ වෙලා ජීවිතයට එන හැලහැප්පීම් වලත් එක්ක තමයි කුමීට ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවුරුදු කුමරියක් තුළින් කලා ක්ෂේත්‍රයට පැමිණි කස්තුරි ජයවර්ධන මෙහෙමයි ඒ ගැන සඳහන් කළේ.
” අවුරුදු කුමාරියක් ලෙස ජයග්‍රහණය නො ලැබුවා නම් මට මේ තරම් ජනප්‍රියත්වයක් ලබන්න සිදු වන්නේ නැහැ. ඉතා කෙටි කාලයක් තුළ මගේ ජීවිතයට නොසිතූ විදිහට වාසනාවක් වගේ ම ආදරය ලැබුනා කියලා මම හිතනවා. ආදරේ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි. ප්‍රේක්ෂක ආදරේ වැඩි සමගම මාව ඉබේටම ජනප්‍රිය චරිතයක් බවට පත් වීම ගැන සතුටුයි. “

ඉතින් නිහතමානී චරිතයක් වන කස්තුරි ජයවර්ධන මෙහෙමයි ඒ බව ප්‍රකාශ කළේ. මේ දිනවල නිල පබළු නාට්‍ය සමඟින් ඇය ගොඩක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යය දෙකක්ම නුවරඑළියෙ රූගත කිරීම් කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය metro හීන ටෙලිනාට්‍යයටත් දායක වෙලා ඉන්නේ. මේ දිනවල විකාශනය වන නීල පබලු ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම ලොකු සහයෝගයක් වගේම ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් තියෙන තත්වෙත් එක්ක වසංගත රෝගයන් ගෙන් බේරීමට ටිකක් අමාරුයි. ඒ නිසා රංගන වැඩකටයුතුත් අතරමග නවත්තන්නට බැහැ කියලා තමයි කස්තුරි සදහන් කළේ. ගොඩක් ප්‍රේක්ෂකයන් හිතන විදිහට ඇගේ ආදර වන්තයා වෙන්නේ සංගීත් ප්‍රභූ කියලයි. නමුත් එහි සත්‍යතාවය දැනගන්නට සිදුවන්නේ කස්තුරි ජයවර්ධන ගෙන් ම තමයි. ඉතින් ඒ පිළිබඳව ඇය සඳහන් කළේ මෙහෙමයි.

“ආදරේ ගැන මම දැන්ම හිතලා නෑ. මම තවමත් පොඩි කෙනෙක්. ආදරේ ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමට මේ තියෙන වැඩ කටයුතුත් එක්ක.”

ප්‍රේක්ෂකයන්ගේ මතයක් වන සංගීත් ප්‍රභූ ඔහුගේ ආදරවන්තයා නොවන බවත් ඔහු තමයි ඇයව හුස්මක් තරමට නාට්‍ය තුළින් රංගනයට සම්බන්ධ කරගන්නේ කියලා තමයි ඇය ප්‍රකාශ කළේ. ජනප්‍රියත්වය නිසා විවිධාකාර මිනිසුන්ගෙන් ප්‍රශ්න මතුවෙන බවයි ඇය කිව්වේ. නමුත් කස්තුරි කියන්නේ ඇගේ ප්‍රතිරූපය පාවාදෙන්නේ නැහැ කියලා. එවැනි බලපෑමක් ආවොත් රංගනයෙන් වුණත් ඈත් වෙන්නට කස්තුරි සූදානම් වෙලා තමයි ඉන්නේ. නමුත් ඇය හිතන්නේ හොඳින් හිටියොත් කිසි කෙනෙක්ගෙ බලපෑමක් ඇති වෙන්නේ නැති බවයි.

අද මේ කලා ක්ෂේත්‍රය තුළ සිටින තැන පිළිබඳව ඇය ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. ඒ වගේම ඇය ගොඩක් සරල චරිතයක්. බොරු මවා පෑම්වලට කැමති නැති කෙනෙක් විදියටයි ඇය හදුන්වන්න පුලුවන්. ඇගේ කලා කටයුතු බලා පවුලේ අය විඳින සතුට තරම් තවත් සතුටක් කස්තුරි ට තවත් නැහැ. ඇයගේ ගමන හිමින් ඉදිරියට යන්න තමයි ඇගේ බලාපොරොත්තුව. ඉතින් මේ දක්ෂ, හැඩකාර, දඟකාර රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment