Lifestyle

උඹලට අපේ ඒවා පේන්න බැරි නම් බ්ලොක් කරපල්ලා – බැනලා දාපු කමෙන්ට් වලට කේ.සුජීවයි අංජලීයි කියපු නියම උත්තර ටික

කේ. සුජීවා කියන්නේ අපේ රටේ ඉන්න පාසාංගික ගායිකාවන් අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක්. ඉතින් ඇගේ ගොඩක් ගීත මේ වන විට ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්ත ගීත වෙලා. ඉඟිමරන තරු රෑන ගීතය තුළින් අපේ ආදරය ලබා ගත්ත කේ. සුජීවා මේ වන විට ආදරණීය මවක් වනවා. අජිත් මුතුකුමාරණ සමගින් කාලයක් එකට සිටි ඇය දැන්නම් දරුවන් දෙදෙනා සමගින් තනිකඩවයි ජීවත් වන්නේ.

ඇගේ ආදරණීය දියණියන් දෙදෙනා වන අංජලී රාජ්කුමාර් සහ රෝස් කියන්නෙත් ගායනය හොඳින්ම කළ හැකි දෙදෙනෙක්. සිංහල ගීත වගේම දමිල ගීත අහන් ඉන්න හිතන විදිහට ගායනා කරන ඔවුන් දෙදෙනාත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන දෙදෙනෙක් වෙලා. ඉතින් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන පවුල් අතර කේ. සුජීවාගේ පවුලත් ඉහළින්ම සිටිනවා.

ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුළ විවේචනයන්ට හසුවන පිරිසක් තමයි කේ. සුජීවා ඇතුළු පවුල. ඉතින් විනෝදයෙන් කාලය ගත කරන ඔවුන්ට විවිධ චෝදනාවන් ප්‍රේක්ෂකයන් එල්ල කරද්දී ඔවුන් ඒවා ගණන් නොගෙන ඔවුන්ගේ කාලය සතුටින් ගත කරනවා. ඉතින් අංජලී සහ කේ.සුජීවා පුදුම වැඩක් කරල තිබුණා. ඒ ඔවුන්ට බැනලා දාන කමෙන්ට් කිහිපයක් සඳහන් කරමින් ඒවාට පිළිතුරු ලබා දුන් ආකාරයයි. ඉතින් මේ විදිහටයි අංජලී අම්මා සමගින් ඒවාට පිලිතුරු දුන්නේ.

” අම්ම පිටිපස්සෙ ශීට් එකේ තියලා දූල දෙන්නා ඉස්සරහට වෙලා රඟනවා. උඹලට පෙර පිනක් නිසා සැප විඳින්න හම්බුනාට ලබන ආත්මේ ට එකතු කර ගනිල්ලා ” මේ විදියට ඔවුන්ට ලැබුණු කමෙන්ට් එකට ප්‍රතිචාර දැක්වූයේ මේ විදිහටයි.

‘ අපි සාමාන්‍යයෙන් ගමනක් යන්නෙ තුන්දෙනාම. රෝස් වාහනේ නිදාගන්නෙ නෑ. ඉතින් මම දවස තිස්සෙම වැඩ කරල ගමනක් යනකොට තමයි ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මම පස්සෙ සීට් එකේ කොට්ට, මෙට්ට, බෙඩ් ශීට් ඔක්කොම අරගෙන නිදාගෙන යන්නේ. ඒ නිසයි මම පස්සෙ සීට් එකේ හැම වෙලාවෙම යන්නේ. මේක මම ඉස්සර ඉදන්ම කරගෙන ආපු දෙයක්. ‘

ඉතින් ඔවුන්ට ලැබුණු තවත් කමෙන්ට් එකක් මේ විදියටයි කියලා තිබුණේ. ‘ උඹලගෙ රෙද්දවල් අපිට වැඩක් නෑ’ මේ කමෙන්ට් එකට කේ. සුජීවාට හොදටම තරහා ගිහින් තිබුණේ. එතැනදී ඇය මේ විදියටයි මේ කමෙන්ට් එක එවපු කෙනාට කියලා තිබුණේ.

‘ අපි රෙදි බෙදන්නෙ නෑ කොහොමත්. ඕන නැත්නම් බ්ලොක් කරපල්ලා, එතකොට වැඩේ ඉවරයි නේ. ආයෙ දඟලන්න ඕනේ නෑනේ ‘

ඉතින් චෝදනා කරපු ප්‍රේක්ෂකයන්ට කේ.සුජීවයි ඇගේ දුව අංජලීයි මේ විදියටයි ප්‍රතිචාර දක්වලා තිබුණේ. ඉතින් කවුරු මොනව කිව්වත් සතුටින් ජීවත් වෙන ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment