Lifestyle

මම යාලුවෙලා හිටපු ගෑණු ළමයි ගැන කිව්වොත් මටමයි හරි නැත්තේ – ජනිත් වික්‍රමගේ

‘ ද ගේම් ‘ චිත්‍රපටයේ පොලිස් නිලධාරියෙකු ලෙස රංගනයෙන් දායක වෙන ජනිත් වික්‍රමගේ කියන්නේ කලා ආභාෂය උපතින්ම ලද රංගන ශිල්පියෙක්. මානෙල් වානගුරුගේ සහ ආනන්ද වික්‍රමගේගේ ආදරණීය ලොකු පුතයි. රංගනයට, නර්තනයට වගේම නිවේදනයට දස්කම් දක්වන ජනිත් වික්‍රමගේ රංගනය කල ටෙලිනාට්‍යය තුලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.

රංගනය තුලින් තෘප්තිමත් වෙන කෙනෙක් තමයි ජනිත් කියන්නේ. වෙන කෙනෙක් යටත් රැකියාවක් කරන්න, ජීවිතයට බැරියර් දාගන්න කැමති නැති කෙනෙක් තමයි ඔහු. ඉතින් ඒ නිසාම තමයි විවාහය පවා ප්‍රමාද කරන්නේ. ඉතින් සිනමාවේ දැවැන්තයෙක් වන රංජන් රාමනායක ගැන ජනිත් දැක්වූ අදහසක් තමයි මේ.

” මම පොඩි කාලේ අම්ම අතේ සමරු පොත් යැව්වා රංජන් අයියගෙන් අත්සන් අරන් එන්න. ඒ දවසේ ඉදලා ඔහුගේ ජීවිතය මට මතකයි. මම රගපාපු චරිතයක් දැකලා රංජන් අයියා කියනවා උඹ ඒක මරුවට කරල තියෙනවා කියලා. මට පුදුම සතුටක් දැනුනේ එදා. රංජන් අයිය කියන්නේ සෙට් එකේදී ගොඩාක් විමසිල්ලෙන් වැඩ කරන කෙනෙක්. අනික එයා එක්ක වැඩ කරන්න හම්බුණ එක වගේම රංගනයේදී ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. එයා හැමෝගෙම උපදෙස් අහගෙන ගන්න පුලුවන් හොදම දේ ගන්න කෙනෙක්. ‘’

කාර්‍යබහුලත්වය නිසා විවාහය ගැන හිතන්නැති ජනිත්ට මීට පෙර පෙම්වතියන් ඉදල තියෙනවා. නමුත් ඔහු ඒවා එලි කරන්නැති හේතු විදියට අදහස් දැක්වූයේ එකක් ඒ ගැහැණු ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිසා සහ අනිත් කාරණය ඒ දේවල් ප්‍රසිද්ධ කලොත් ඔහුටම මඩ ලැබෙන නිසා කියලයි. ඉතින් ඔහුගේ රංගන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment