Lifestyle

අපේ අම්මා ගාමිණී ෆොන්සේකගේ ලොකු දුව, සීයා නැතිවෙනකොට මට අවුරුදු 14යි, සීයගේ කලාව ඉදිරියට ගෙනියන්න මම ආසයි

නර්තන කලාව තුළ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නර්තන ශිල්පියෙක් වන චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලී පණීභාරත නර්තනාචාරිනීගේ ආදරණීය එකම දුව අසේකා ගැන අපි කොයි කවුරුත් දන්නවා. දෙමාපියන්ගේ නර්තන අභාෂය ඒ විදියටම තමා සතු කරගන්නට දස්කම් දක්වන කෙනෙක් තමයි අසේකා. ඉතින් අසේකා විජේවර්ධන ඇයට උපතින්ම ලැබුණු නර්තන හැකියාවත් එක්ක එය තව තවත් දියුණු කරගෙන ඇයටම අනන්‍ය වූ නර්තන විලාශයක් සහිත කෙනෙක්.

ඉතින් ඇය කලා ක්ශේෂ්ත්‍රය තුල ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් එක්ක හොද මිත්‍රත්වයක් පවත්වනවා. මෑතකදී අසේකා ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා. ඒ ඇගේ විවාහයයි. ඉතින් කලා ලොවේ තරු ගොඩක් පායපු විවාහ උත්සවයක් අරන් තිබුණා.

මේ නර්තන තරුවගේ අත ගත්ත ඔහු තමයි ව්‍යාපාරික ජනික් ජයසූරිය. ව්‍යාපාරික පවුලකින් එන ජනික්ද ව්‍යාපාර ක්ශේෂ්ත්‍රය තුළ වැඩ කටයුතු කරගෙන යන කෙනෙක්. ඉතින් ඔහු සදහන් කරන ආකාරයට ඔහු කවදාවත් අසේකාට නර්තනයෙන් සමුගන්න කිසිම පෙළඹවීමක් කරන්නෙ නෑ කියලයි. තවවමත් ජනික්ට අසේකා අතින් හදපු කෑමක් විවාහයෙන් පසුව කන්න ලැබිලා නැහැ. ඉතින් ජනික්ගේ පවුල් පසුබිම ගැන ඔහු මේ විදියටයි යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ පවුල ව්‍යාපාරික පවුලක් උනාට අපේ අම්මගේ පැත්තෙන් කලාවට සම්බන්ධයි. අපේ අම්මා තමයි ගාමිණී ෆොන්සේකාගේ ලොකු දුව. සියා නැතිවෙනකොට මට අවුරුදු 14යි. මම පොඩි කාලේ සීය එක්ක එකට ඉදලා තියෙනවා. ඒත් ලොකු වුණාම අපිට සීය එක්ක ඉන්න ලැබිලා නෑ. නමුත් එකට හිටපු කාලේ තවමත් මතකේ තියෙනවා.

සීයා ඉස්සර ඉදලා උත්සහ කලා අපිව කලාවට එකතු කරගන්න. ඉතින් මට නටන්නත් බෑ, සිංදු කියන්නත් බෑ කලාව මට අපහසු දෙයක්. අපිව කලාවට ගන්න බල කලේ නෑ. ඒ වුනාට මට ඒ හැකියාව නෑ. ඒත් මම කැමතියි දැන්නම් සීයගෙ නම ගෙනියන්න.’’

මේ විදියට තමයි ජනික් ජයසූරිය අදහස් දක්වලා තිබුණේ. ඉතින් ජනික්ගේත් අසේකගේත් ඉදිරි පවුල් ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment