Lifestyle

මම විවාහ වෙලා අවුරුදු 14ක්, පුතා දැන් පෙරපාසල් යනවා – හිමාලි සිරිවර්ධන

ගොඩක් දෙනා කතා කල එදා සඳගලතැන්නේ ‘සදා’ අදවන විට විවිධ චරිතයන් හරහා අප අතරට එන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් හිමාලි සයුරංගි. රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් ඇයව ගොඩක් දෙනා දැන හදුනගන්නවා. නර්තනය තුලින් ඇයව අපිට නිතරම දකින්න නොලැබුණත් ඇය කරන රංගනයන් තුලින් අපිට එය දැකබලා ගන්න පුලුවන්. ඉතින් ළංවී ටෙලිනාට්‍යය මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඉතින් මෙම ටෙලිනාට්‍යයේ දක්ෂ රංගනයක යෙදෙන හිමාලි සිරිවර්ධන. මේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙනවා.

ඉතින් ඒ වගේම මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ගගන පියවර’ නාට්‍යයේත් ඇයව දැකබලා ගන්න පුලුවන්. ඉතින් මේ වනවිට මවක් ආදරණීය පුතෙකුගේ මවක් වන හිමාලි වෙන්දාට වඩා ගෙදර වැඩ කටයුතු එක්ක කාර්‍යබහුල වෙලා ඉන්නේ. ඇයගේ ආදරණීය පුංචි පුතා මේ වනවිට පෙර පාසල් අධ්‍යාපනය ලබන නිසා.

හිමාලි සයුරංගි ප්‍රමුඛ නර්තන කණ්ඩායමක් සංගීත ප්‍රසංගවල නර්තනයේ යෙදෙනවා අපි නිතරම දුටුවා. ඉතින් ඒ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු ප්‍රසංග නැතිවීමත් එක්ක වගේම හිමාලිගේ පුතා ලැබෙන්නත් කලින්ම නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු නතර කරලයි තිබුණේ. ඉතින් තවමත් ආදරණීය රසික හදවත් වල ‘ සෙන්සේෂන්’ යන නාමය හදවතේ රැදිලා තියෙන්නේ. ඉතින් හිමාලි සිරිවර්ධන ඇගේ තොරතුරු පසුගිය දිනක පුවත් පතක් සමගින් තොරතුරු බෙදාගෙන තිබුණා.

” මගේ හස්බන්ඩ් කලාවට සම්බන්ධ කෙනෙක්. එ නිසා මට මගේ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි විවාහවෙලා අවුරුදු 14ක් වෙනවා. අපේ පුතා දැන් පෙරපාසල් යනවා. ඒ නිසා මගේ උපරිම අවධානය පුතාට තමයි දෙන්නේ.

ගෙදර වැඩ වලට මට ලොකුම ලොකු සහයෝගය ලැබෙන්නේ අක්කගෙන්. එයා ඉරෝෂිනි සිරිවර්ධන. එයා තමයි මම වැඩකට එලියට ගියාම බබා බලාගන්නේ. කාලයක් පේන්න ඉදලා ඊටපස්සේ පේන්න නැතිවුණාම රසිකයන්ට අමතක වෙනවා. ඒත් මට ගොඩක් දෙනෙක් ආදරෙයි. ඉතින් මට ලොකු සතුටක් දැනෙන්නේ. මමත් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි.”

ඉතින් මේ විදියට තමයි හිමාලි සිරිවර්ධන දක්ෂ රංගන ශිල්පිනිය වගේම නර්තන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment