Lifestyle

“නිරුවත් දර්ශනයක පෙනී සිටීමෙන් පසුව මගේ පවුලට, අන් අයට මුහුණ දීමට තරම් මට ආත්ම ශක්තියක් නැහැ” හිමාලි සිරිවර්ධන

හිරු සුපර් ඩාන්සර් වැඩසටහනේ විනිශ්චය කාරිනියක ලෙස කටයුතු කල හිමාලි සිරිවර්ධන සැබැවින්ම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වෙනවා. පුංචි තිරයේ වගේම සිනමාව තුලත් ඇය නම් අපිට දැකගන්නට සිටිනවා.

මීට ටික කාලයකට පමණ පෙර ඇය ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් කරනවා. ඒ නිසා ටිකක් කාර්යබහුල වෙලා සිටියේ. දැන්නම් ඇය පුතාගේ වැඩ කටයුතුත් එක්ක ගෙදරට වෙලා නිදහසේ ජීවත් වෙනවා. ඉතින් රියැලිටි තරග විනිශ්චය කාරිනියක වන ඇය දකින විදියට ඇය කියන්නේ රියැලිටි තර තුළ තරුණ ගුණය ප්‍රගුණ කිරීම මගින් සංස්කෘතියට සභ්‍යත්වයට මෙන්ම දරුවන්ගේ හැදියාවට හානි වෙනවා යැයි කතාවක් පවතිනවා. ඇත්තටම ඇය දකින විදියට එහි වගකීම තරග පවත්වන නාලිකා වලට, දරුවන්ට වගේම ඔවුන්ගේ ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ටත් හිමිවනවා. නර්තන නිර්මාණය කරන විටදී වයසට සුදුසු පරිදි නිර්මාණය බිහි කිරීමට සියලු දෙනාම වගබලා ගත යුතු බවයි නර්තන ආචාර්යවරියක් හැටියට ඇය දකින්නේ.

පුංචි දරුවන්ගේ එවැනි සංස්කෘතිය රැකගැනීම සදාචාරය ආරක්ෂා කරගැනීම වැනි දේ බලාපොරොත්තු වන අපේම වැඩිහිටියන්ගෙන් ඒ දේවල් ආරක්ෂා වෙනවා ද කියන එක පිළිබඳව ඇයටත් ගැටලුවක් තිබෙනවා. දරුවන්ට ම ඇඟිල්ල දිගු නොකර තමුනුත් ඔය කියන රාමුව තුල හිඳිමින් දරුවන්ගේ ආත්ම ගෞරවයත් රැකෙන ආකාරයට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ඔපමට්ටම් කිරීමයි වැඩිහිටියන් ලෙස අප කළ යුත්තේ යනුවෙන් ඇගේ අදහසයි. බහුතරයක් දරුවෝ එහෙම තමයි මේ ගමන යන්නේ.

“අතීතයට සාපේක්ෂව අද හොඳ නිර්මාණ වල පොඩි අඩුවක් තිබෙනවා. අද ගොඩක් තිබෙන්නේ මෙගා නාට්‍යය. නාලිකා වලට අනුව දැන් යන රටාවන් අනුවත් බහුතරයක් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු වැඩ කරන්නේ වාණිජමය පරමාර්ථය පෙරදැරිවයි. දීර්ඝ නාට්‍ය ම වැඩිපුර බිහි වීමට හේතුවත් එයයි. නමුත් ඒ අතර එදා අපි සම්බන්ධ වූ ආකාරයේ හොඳ නිර්මාණ කරන කිහිප දෙනෙකුත් තවම සිටිනවා.”

අතීතයේ කලා ක්ෂේත්‍රය හා වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඇය සංසන්දනය කළේ මේ විදිහටයි. වෘත්තීමය නර්තන ශිල්පිනියක් විදිහට හිමාලි සිරිවර්ධන මේ ක්ෂේත්‍රයට ආවේ. ඇගේ නර්තන කණ්ඩායම පවත්වාගෙන යන අතරේ මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් ඇය රංගනයට සම්බන්ධ වුණේ නැහැ. එදා සිට ම තෝරා බේරා ගැනීමක් සමඟ හොඳ ප්‍රමිතියක් සහිත සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණක් සහභාගි වුණේ ඒ නිසයි. නමුත් මේ වසංගත කාලය පැමිණීමත් සමගම නර්තන කණ්ඩායමේ කටයුතු ඇයට නතර කරන්නට සිදුවුණා. එම නිසා ඇය දැන් වෘත්තීය මට්ටමින් මේ ක්ෂේත්‍ර දෙකෙහිම නියල්න්නේ නැහැ.

ක්ෂේත්‍රය තුළ පරිණත වීම මත ලද අත්දැකීම් සහ දැන් ඇය මවක් නිසාවෙන් ඇයට යමක් කළ හැකි දක්ෂතා හොදින් පෙන්විය හැකි සුදුසු හොඳ නිර්මාණවලට පමණක් ඇය ඉදිරියේ දී දායක වනවා. නමුත් අද වන විට එවැනි ඇයට දායක වීමට හැකි නිර්මාණ බිහිවීමේ අඩුවක් ඇති නිසා ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්. එම නිසා හොඳ වැඩක් වුවත් එය භාර ගැනීමට ඇය සූදානම්. දැන් මේ ක්ෂේත්‍රයේ යන විදිය සමඟ යම් යම් තැන්වලදී කලකිරීම් ඇති වුවත් ක්ෂේත්‍රය තුළ ඉදිරියටත් හොඳ වැඩ වලට දායක වෙන්න හිමාලි සිරිවර්ධන ආසාවෙන් බලන් ඉන්නවා.

අද කාලේ රූපය ගැන පමණක් හිතන කලාශිල්පීන් තමයි ගොඩක් ඉන්නේ. ඔය කාරණාව මේ කාලෙදි පමණක් නෙවෙයි. ඒ කාලෙදි තිබුණා. පාපැදියක් ගෙනියන්න බැරි ව වාහනයක් ඩ්‍රයිව් කරගන්න බැරිව රංගනයට පිවිසෙන අය එදත් සිටියා. ඔවුනට පුරුදුවෙන්න උවමනාවකුත් නැති බවයි ඇය පැවසුවේ. එවැනි අතිරේක දේවල් ප්‍රගුණ කිරීම තුළ ඕනෑම චරිතයක් සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව හිමාලි සිරිවර්ධන මෙම කලා ක්ෂේත්‍රයෙන් අත්දැකීම් බහුල චරිතයක් විදියට ඇය දකින්නේ.

ඇත්තටම ඇගේ නර්තන හැකියාවෙන් හොඳ සිනමා පට වලට සම්බන්ධ වෙන්න දැඩි ආසාවක් තිබුණා. ගොඩක් දුරට ඇය සම්බන්ධ වුණේ කමර්ෂල් චිත්‍රපටවලට. ඒ තුළ ඇගේ නර්තන දක්ෂතාව උපරිමයෙන් පෙන්වීමට නොහැකි වුණා. සම්භාව්‍ය ගණයෙහිලා චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් ඇය තුළ තිබූ යම් යම් සීමාවන් නිසාවෙන් එම අවස්ථාවන් මග හැරුනා. ඇය ඒ සෑම විටම ඒකේ සීමාවේ ඉඳගෙනයි නිර්මාණ තෝරා ගත්තේ. උදාහරණයක් ලෙස නිරුවත් දර්ශනයක පෙනී සිටීමෙන් පසුව ඇගේ පවුලට අන් අයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් ඇයට නැහැ. ඇත්තටම එවැනි දේට ඇය කැමැති නැහැ. ඉතින් එවැනි හොඳ චරිත කිහිපයක්ම ඇයට මඟ හැරුණු බවයි ඇය පැවසුවේ. නමුත් කවදාවත් ඒ ගැන පසුතැවෙන්නෙ නැති හිමාලි මේ ක්ෂේත්‍රය තුළ ඇගේ ආත්ම ගෞරවය හැමදාම හොඳ නම තියාගෙන වැඩ කරගෙන යන එක ගැන ආඩම්බර වෙනවා.

කැමැත්ත සහ පෞරුෂත්වය මත ලිංගික දර්ශන වලට හෝ නිරුවත් දර්ශන වලට පෙනී සිටීම සිදු වෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බැහැ . මොකද එවැනි රංගන ශිල්පිනිය නුත් මේ ක්ෂේත්‍රය තුළ සිටිය යුතුයි. ගණිකාවක ගේ චරිතය නිරූපණය කරන විට ලිංගික දර්ශනයන් ඇතුලත් නම් අදාළ රංගන ශිල්පිනිය ඒ දේවලුත් රඟ දැක්විය යුතුයි. මොකද රංගන ශිල්පිනියකගේ රංගනය පුළුල් පරාසයක් දක්වා විහිදෙන දෙයක් නිසයි එය කෙනාගේ කැමැත්ත අකමැත්ත මත සිදු වෙන දෙයක් බව හිමාලි සිරිවර්ධන පැවසුවේ. නමුත් මේ සුළුතරයකගේ තෘප්තිය හෝ ලාභ ප්‍රයෝජන තකා අදාල නිර්මාණයෙන් ඔබ්බට එහි ඇතුළත් යම් යම් කොටස් පමණක් මාකට් කරන්න ගියොත් තමයි ගැටලුව ඇති වන බව හිමාලි සිරිවර්ධන සදහන් කළේ.

ඉතින් රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වන හිමාලි සිරිවර්ධනගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වන්නට කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment