Lifestyle

‘මගේ පිටිපස්සෙන් ඉදගෙන මම ගැන ඕපදූප මවන අයට මම හරි කැමති’ හසිනි සැමුවෙල්ගෙන් සැර කතාවක්

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ. ඇගේ අලුත්ම විලාසිතාවන් නිසා නිරන්තරයෙන්ම ඇය කාගේත් ආදරයට වගේම කතා බහට ලක් වෙනවා. ඇය රූප රචනාවල බොහෝමයක් දකින්න ලැබෙන චරිතයක්.

ඉතින් ඇය ගැන පසු ගිය කාලවල බෙහෙවින් කතාබහට ලක් වුණා. ඇය විවාහ වන්නට සිටියේ විෂ්ව පෙරේරාවයි. ඉතින් ඔවුන්ගේ විවාහ මංගල දිනය දවසේ ෆිල්ටි හසිනි ආදර කතාව එළියට පැනලා එම විවාහය එතනම නතර වුණා. ඉතින් එතනින් නැවතුණු හසිනිගෙත් විෂ්වගෙත් විවාහය නැවතිලා ෆිල්ටි සමගින් හසිනි සැමුවෙල් යුග දිවියට එළඹුණා. ඉතින් ෆිල්ටි කියන්නේ ආන්දෝලනාත්මක රූප රචනා මවන රැප් ගයකයෙක්. ඒ වගේම ෆිල්ටිගේ ගීත වල පෙනී හිටින චරිතයක් වන සැමුවෙලුත් බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වෙන චරිතයක්.

මේ වන විටනම් ඔවුන්ගේ කැදැල්ලට දැන් අලුත් සාමාජිකයෙක් එකතුවෙලා තියෙන්නේ. ඒ ෆිල්ටිගෙත් හසිනිගෙත් ආදරණීය පුංචි පුතා. නමුත් මේ දිනවල ෆිල්ටිත් සමග හසිනිගේ ඡායාරූප සමාජ මාධ්‍ය වල දකින්න ලැබෙන්නේ නෑ. අපිට පසු ගිය දිනවල බොහෝ සෙයින් දැකගන්න ලැබුණේ ෆිල්ටි ඔහුගේ ප්‍රථම බිරිඳ වන නිෂාදී සහ එම දරුවා වන යේලි සමග කාලය ගත කරන ඡායාරූප සමාජ ජාලා වලට එකතු කර තිබුණා. ඒ වගේම ඔහු ගිහින් ඒ දෙදෙනාගේ උපන්දින සමරලා තිබුණා. මේ වන විට හසිනි ෆිල්ටිගෙන් ඈත් වෙලාදෝ යන්න සැකයක් තිබෙනවා.

එය තහවුරු කරමින් පසු ගිය දිනෙක හසිනි සැමුවෙල් ඇයගේ 23 වෙනි උපන්දිනය ෆිල්ටිත් නැතුව යාලුවොත් එක්ක තනියම සමරලා තිබ්බා. ඒ අවස්ථාවේදී එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා වලට එක් කරන ගමන් හසිනි සැමුවෙල් සදහන් කරලා තිබුණේ මේ විදියටයි.

‘මගේ පිටිපස්සෙන් ඉදගෙන ඕප දූප මවන අයට මම හරිම කැමතී. ඔවුන්ට අයිති තැන එයයි’ කියලා.
ඉතින් අපිට දැනගන්න ලැබුනේ ෆිල්ටි මේ වන විට හසිනිගෙන් වෙන්වෙලා ඔහුගේ ප්‍රථම බිරිද සමග එකටයි සිටින්නේ.
නිරන්තරයෙන් ම තම පුංචි පුතත් එක්ක ඡායාරූපයන් සමාජ මාධ්‍යට එක් කරන්නට හසිනි අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ විදියට ඇය පසුගිය දිනක සමාජ මාධ්‍යට ඡායාරූපයක් එක් කරල තිබුණා. ඒ සමගම ඇය ඒ සදහා කැප්ශනයක් දමා තිබුනේ මේ විදියට.

“මේ වැළදගැනීමම ඇති අම්ම කෙනෙක් විදියට මට සතුටු වෙන්න. මගෙ පුතාට මම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ චූටි පුතේ ඔයාට”

ඉතින් සතුටින් හැමදාම ජීවත් වීමට ඔවුන්ට ප්‍රාර්ථනා කරන ගමන් පුංචි පුතු පැටියට ඇතුලු හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment