Lifestyle

මම හිතන්නේ ප්‍රේක්ෂක ආදරය මට පෙර පිනකට ලැබිලා තියෙන දෙයක් – හර්ෂි රසාංගා

මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘ලංවී’ කියන්නේ. ඉතින් ලංවී ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන අපූර්වා චරිතය තුලින් අපි අතරට එන ඇය හර්ෂි රසාංගා. ඉතින් මේ අපූර්වා කියන්නේ සිංදු කියන්න කැමති ගායිකාවක් වෙන්න හීන දකින කෙනෙක්. ඉතින් මේ චරිතය හර්ෂිගේ ජීවිතයට සමීපයි ඒ ඇය කුඩා කාලයේ ඉදලා ගායනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි ඇගේ හීනය වෙලා තියෙන්නේ.

ගැමි චරිත වලට කොටු වෙලා හිටපු හර්ෂි ටිකක් කටකාර චරිතයකට තමයි මේ ලංවී ටෙලිනාට්‍යය තුලින් පෙන්නුම් කරන්නේ. ඉතින් ඇය සදහන් කරන්නේ මේ චරිත ඇයට ලැබුණු චරිත වලට හාත් පසින්ම වෙනස් චරිතයක් කියලයි. ඒ වගේම හර්ෂි රංගනයෙන් දායක වුණ අනෙකුත් නිර්මාණ විදියට හිතුවක්කාරී, නම්බර් 9 වැනි නිර්මාණ ජනප්‍රිය ටෙලිනාට්‍යය බවට පත් වුණා.

ටික් ටොක් සමාජ මාධ්‍ය තුලත් කැපී පෙනෙන චරිතයක් වන හර්ෂි ටික් ටොක් සදහා වීඩියෝස් දාන්න පුරුදු වුණේ කවිදු මදුෂාන්ගෙන් කියලයි ඇය සදහන් කලේ. ඉතින් ඇයට ගෙදරින් ලැබෙන සහයෝගය ගැන ඇය කිව්වේ මේ විදියටයි.

” ගෙදරින් මට පොඩි කාලේ ඉදන්ම කලා ගමනට උදව් කලා. ඉස්කෝලේ අතපසු වෙන වැඩ අයියයි අක්කයි කියලා දුන්නා. අදටත් මමත් එක්ක අම්මා එනවා ශූටින් වලට. අම්මයි තාත්තයි මගෙ පස්සෙන්ම තමයි. මට මගේ පවුලෙන් ලොකු ශක්තියක් ලැබෙනවා. ”

ඉතින් මේ විදියට තමයි හර්ෂි ඇගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment