Lifestyle

මට දැන් අවුරුදු 19ක්, පෙම් සබඳතා තිබිල නැතිවෙලා තියෙනවා – හර්ෂි රසාංගා

හිරු නාලිකාවේ විකාශය වන මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ලංවී. ඉතින් මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. මේ දිනවල ඇයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. වයස අවුරුදු 8 දී තමයි ඇය රංගනයට පිවිසෙන්නේ. ඉතින් ඒ පොඩි කාලෙදි ඇයව දැකපු කෙනෙක් තමයි ඇයව කලාවට සම්බන්ධ කරගන්නේ. ඉතින් එතැනින් පටන් අරන් ඉන්පසු වෙළදදැන්වීම් වලට ආරාධනා ලැබිලා ආව ගමනක් තමයි මේ.

ඉතින් මේ වනවිට අධ්‍යාපනය ලබන ඇය කලා කටයුතුත් කරගෙන යනවා. හර්ෂිගේ අම්මා තමයි ඇය බඩේ ඉන්නකොට හීන මවලා තියෙන්නේ නිලියක් කරන්න. ඉතින් ඇගේ ආශාවක් තමයි හර්ෂිව රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්නවා දකින්න. සුජාතා ටෙලිනාට්‍යයෙන් හදුනාගත් හර්ෂි මේ වනවිට වයස අවුරුදු 19ක තරුණියක්.

ඉතින් සමාජයේ ගොඩක් දෙනෙක්ගේ ආදරයට සහ විවේචනයට ලක් වුණ කෙනෙක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. ඇයට ගොඩක් වෙලාවට අයුතු යෝජනා ඇවිත් තියෙනවා. ඒ විදියට ඇයට අයුතු යෝජනා ඇවිත් තියෙන්නේ ඇය ළගින්ම ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන්. ඉතින් වයස අවුරුදු 19ක කෙනෙක් වුණත් හර්ෂිට ක්ශේෂ්ත්‍රය තුළ ලැබුණ අත්දැකීම් බොහෝමයි. ඉතින් ඇය ළගම ඉදන් ඇයට වැරදි කරන ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා තමයි හර්ෂි කියන්නේ. ඉතින් ඇයට ප්‍රේමය ගැන ලබපු අත්දැකීමක් ගැන ඇය මේ විදියටයි යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ආදරෙන් කඩා වැටුණෙ හොද වයසකදි නම් නෙමෙයි. ඒ වෙලාවේ මම ළගින් හිටපු කට්ටිය මගෙ හිත හැදුවා. අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙන්නෙ නෑ. දැන් මට අවුරුදු 19ක්.’’

ඉතින් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහ කරන හර්ෂි මේ විදියටයි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඒ කොහොම වුණත් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment