Lifestyle

“මොන විදියට කොයි දේ දෙනවා කිවුවත් මම නිරුවත් චරිත වලට පෙනී සිටින්නෑ” ගීත්මා බණ්ඩාර

ගයමූ දවසක ජීවිතේ තාලේ සංගීතේ ටෙලිනාට්‍යයේ අසෙනිගේ චරිතය රංගනය කරන ගීත්මා ශෂිණි බණ්ඩාර ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට ලක්වන චරිතයක්. අවුරුදු කුමරියකගෙන් කලාවට පිවිසි ඇය ඉතා හුරුබුහුටි හුරතල් සිනහවකින් රසිකයන් පිනවන හරි අපූරු රංගන ශිල්පිණියකි. සංගීතේහි අසෙනිගේ චරිතය තුලින් ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය මේ දිනවල සංගීතේ ටෙලිනාට්‍ය එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.

ඒ වගේම ඊට අමතරව තවත් අලුත් වැඩ වගයකටත් සහභාගි වෙන්න බලාගෙන ඉන්නවා. මේ දඟකාර හුරතල් ගීත්මා කෝට්ටේ තම නිවසේ අම්මගේ තාත්තගේ රැකවරණය යටතේත් මල්ලිගේ ආදරයත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඇය සදහන් කරන ආකාරයට නවක නලු නිලියන් තමන්ගේ දුක ගැන සමාජයට කියලා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නට හදනවා. නමුත් ගීත්මා කියන්නේ එය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. කෙනෙක්ගේ දුක කියන්නේ පෞද්ගලික දෙයක්. ඉතින් එය වෙන කෙනෙක්ට කියලා මාර්කට් කරගැනීම ඇත්තටම කලාකාරිනියක් කරගන්න විනාශයක්. කෙනෙක් තැනකට එන්න දුක් වින්ද ආකාරය ගැන ප්‍රසිද්ධ මාධ්‍යකට ඇවිත් කීම සුදුසු නැති දෙයක් බව ඇය පවසනවා.

ගීත්මා බණ්ඩාර ක්ශේෂ්ත්‍රයේ දිගු කාලයක් රැදිල ඉන්න එහෙම නැත්නම් කලාවේ පැවැත්ම වෙනුවෙන් ඉන්න ඕන නිසා ඇය විසින් කරන්නේ රංගනය පිලිබදව හැදෑරීම් සිදු කරනවා. පොත් කියවනවා, ප්‍රවීනයන් ආශ්‍රය කරනවා. ඒ වගේම ශේෂ්ත්‍රයේ රැඳෙමින් පුරුදු පුහුණු කරමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඇය සදහන් කල ආකාරයට ඇගේ ප්‍රධාන වෘත්තීය රංගනය බවත් ඇය සදහන් කලා. බොහෝ රංගන ශිල්පීන් තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා විවිධාකාර ඩාන්සින් කවර්ස් කරනවා. ඒවගේම පොටෝ ශූට් කරනවා. නමුත් ගීත්මා පවසන්නේ ඇගේ විෂය රංගනය නිසා ඇය කැමති නෑ වෙන විෂයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් තුලට යන්න. ඇය හිතන්නේ තමන්ගේ අනන්‍යතාව රැකගෙන ඉන්න ඕන කියලා.

ඇය හිතන්නේ අවුරුදු කුමාරියක් වුණ පලියට රංගන ක්ශේෂ්ත්‍රයටවත් නිරූපණ ක්ශේෂ්ත්‍රයටවත් යන්න බැහැ. ඒකට බුද්ධිමත් කමත් තිබිය යුතුයි කියල. නිහතමානීත්වය මේ කලා ක්ශේෂ්ත්‍රය තුලදී තිබිය යුතු අනිවාර්ය දෙයක් බව ගීත්මා පවසනවා. ඇය දකින විට නිහතමානීත්වය කාන්තාවකට ආභරණයක්. ගීත්මාත් එවැනි නිහතමානී චරිතයක් බව ඇය විශ්වාසයෙන් පවසනවා. ඇය චරිත තෝරා ගැනීමේදී විශේෂයෙන් බලන දේවල් තමයි මේ චරිතය කරල සාමාන්‍ය සමාජය තුල ගැවසෙන්න පුලුවන්ද යන කාරණය අනිවාරෙන් බලනවා. ඒ මොකද ඇය මීට පෙර කල චරිතයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහන්න සිදු වුණ නිසා. ඒ වගේම ඇය හිතන්නේ චරිතයකට කෙනෙක්ට ලොකු දෙයක් සිදු කරන්න පුලුවන් කියලා.

ඇය බාර නොගන්නා චරිත ගැන මෙහෙමයි කිවුවේ.
‘මොන විදියට කොයි දේ දෙනව කිවුවත් මම නිරුවත් චරිත කරන්නෑ. නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට. මගේ පෞද්ගලික ජීවිතයට හානිවන චරිතයක් නම් කරන්නෑ”

මිනිස්සු ගොඩක් වෙලාවට හදන්නේ ගොසිප් එකක් හදාගෙන හරි ප්‍රසිද්ධ වෙන්න. ඇත්තටම ගීත්මා කැමති නෑ මොන විදියේ ගොසිප් එකක් හදාගෙන වුවත් ජනප්‍රිය වෙන්න. ගොඩක් මිනිස්සු හොයන්නේ කෙනෙක්ගේ දුර්වලතාවයක්, දුකක් අඩුවක්. ඒකට ගොඩක් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වෙන බවයි ගීත්මා කිවුවේ. ගීත්මා කරන විලාසිතා ගැන කිවුවේ ඇය හැම විලාසිතාවක්ම කරන්නේ නෑ තමන්ට ගැලපෙන විදියේ විලාසිතාවන් කරන බවයි. අවුරුදු කුමාරියකගෙන් කලාවට පැමිණි ඇයට සංගීතේ නිසා ඇගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ රංගන ක්ශේෂ්ත්‍රයේ මේ විදියටම නිවරදි ලෙස රැදිල සිටීමට. ඉතින් අපි සංගීතේ අසනි තුලින් අප අතර එන දඟකාර හැඩකාර ගීත්මාගේ ඉදිරි කලා කටයුතු වගේම අනාගතයට සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment