Lifestyle

ජීවත් වෙන්න සහකරුවෙක් අවශ්‍ය නෑ කියලා දැන් තමා මට තේරෙන්නේ, ඒත් අවු.17දී ඕන කියලා හිතුණේ – ගයත්‍රී ඩයස්

කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඉතින් ඇය කොයිතරම් වයසට ගියත් ඇගේ සුන්දරකම එදා වගේම අදටත් පවත්වාගෙන යනවා. තමන්ගේම කියලා සැලෝන් එකක් කරගෙන යන ගයත්‍රි ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු පිනි ටෙලිනාට්‍යයේ හරි අපූරුවට රංගනයෙන් දායක වෙනවා අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම පොඩි මාමා ටෙලිනාට්‍යයේත් ඇයව අපි දුටුවා.

ප්‍රවීන රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන චන්න පෙරේරා සමගින් විවාහ වුණු ගයත්‍රිට මේ වන විට ආදරණීය දියණියන් දෙදෙනෙක් සිටිනවා. ඉතින් ගයත්‍රි මේ වන විටනම් චන්න පෙරේරගෙන් වෙන්වෙලා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් අවුරුදු 17 වැනි කුඩා වයසකදී තමයි ගයත්‍රි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් ඇය පසුගිය කාලයේදී සහභාගී වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ ජීවිතයේ තොරතුරු රැසක් හුවමාරු කරගෙන තිබුණා.

” මම විවාහ වුණේ අවුරුදු 17 දී. ඒ කාලේ මම හිතුවා ජීවත්වෙන්න අනිවාර්යෙන් සහකරුවෙක් අවශ්‍යමයි කියලා. නමුත් මට අද තේරෙනවා ජීවත් වෙන්න එහෙම කෙනෙක් අවශ්‍ය නෑ කියලා. මම රංගනයට එන්න ගොඩක් ලොකු කට්ටක් කෑවා. මට ගොඩක් වැඩ නැතිවුනේ මගේ කටහඬ නිසා. මම අවුරුදු දාහතරේදී වගේ තමයි රංගනයට ආවේ.

මගේ දුවලා දෙන්නා රංගනයට එන්න කැමති නෑ. ගොඩාක්ම ලොකු දුව ජනප්‍රිය වෙන්න කැමති නෑ. එයා පන්තියට යනකොට මට එන්න එපා කියනවා. එයාට ඒක කරදරයක් කියලා හිතනවා ඇති.

ගොඩක් අද ළමයි අවුරුදු කුමාරි වෙන්න හදන්නේ රංගන ක්ශේෂ්ත්‍රයට එන්න. ඒත් මමනම් කියන්නේ ඒ ගැන හැදෑරීමක් කරලඑන්න කියලා. එතකොට අධ්‍යක්ෂකවරුන්ට ලේසියි. මූණ සුදු කරගන්න වියදම්කරන්නැතුව රංගනයගැන හැදෑරීම් කරන්න කියල තමයි මම කියන්නේ.”

ඉතින් ගොසිප් මවන්නියක් විදියට ගයත්‍රි කාලයක් නයනා කුමාරි කියන දක්ෂ රංගන ශිල්පිනිය සමගින් හොදින් මිත්‍ර වෙලා හිටියා. නමුත් ඔවුන් ගැනත් විවිධ කතා බහ මතු වෙනවා. ඒ මිත්‍රත්වය මේ වනවිට දෙදරා ගිහින් කියලා. ඉතින් කොහොම වුණත් කොයි තරම් ප්‍රශ්න ජීවිතයට ආවත් හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න කෙනෙක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. පසුගිය දිනකදී ඇය ඇගේ අම්මගේ වියෝවත් එක්ක ෆේස්බුක් ලයිව් එකක් ඇවිත් කතා කරපු ආකාරයට විවිධ කට්ටිය චෝදනා කරලත් තිබුණා. ඉතින් ඒ කොහොම වුණත් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment