Lifestyle

ලංකාවම එපා වුණා ගයත්‍රී කියන අමුතු කතාව

ගයත්‍රි ඩයස් කියන්නේ තමන්ගේ රූපය එකම විදිහට පවත්වා ගෙන යන හරිම සුන්දර කලා ශිල්පිනියක්. තමන්ගේ ම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙස සිටියත් ඇය තම රූපයත් ඉතාමත් අලංකාර ලෙස තියා ගන්නවා. ඇය මේ දවස් වල බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ ටෙලි නාට්‍යයේ පුෂ්පා නෝනා යන චරිත වලයි. ඊට අමතරව once upon a time colombo නාට්‍යයේ රඟපාන චරිතයක් නිසා ඇය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.

ඇයව අපිට මේ විදිහට හමු වන්න පුලුවන් උනත් වුණත් සැබෑ ජීවිතයේ දී ඇය අපට හමු වීමට නම් සත් සමුදුරෙන් එහාට යන්නට වෙනවා. ඊට හේතුව ගයාත්‍රී හිටි හැටියේ ම ලංකාවෙන් දුරස් වෙලා. ඇය තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැනඩාවට ගිහින්. ඉතින් කලා ජීවිතයත් එක්ක කොතරම් කාර්ය බහුල වී සිටියත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද නො පිරිහෙළා වගකීම් ඉෂ්ට කරන ගයත්‍රී ඩයස් කැනඩාවට ගියේ ඒ නිසයි.

ඇයගේ ලොකු දුව මනෝවිද්‍යා අංශයේ උපාධියක් හදාරන අතර එහි මාස්ටර් එක කරන්න අවුරුද්දක් පමණ එංගලන්තයට යන්න අවශ්‍යයි. ඒ වගේම පොඩි දුව ඇයගේ අධ්‍යාපන කටයුතු කැනඩාවේ සිට ම කරනවා.
කැනඩාවේ ජීවිතය ගැනත් ගයත්‍රි කතා කරන්න අමතක කළේ නෑ. කැනඩාව කියන්නේ ශීත දේශගුණයක් තියෙන රටක්. ඉතිං ඒ ශීතලට ඔරොත්තු දෙන්න කාටත් වෙනවා. ගයාත්‍රිට ඒ දේට ඔරොත්තු දෙන්න සිදු වෙනවා. මොවුන් සිටින්නේ කැනඩාවේ ඇල්බර්ටා නගරයේ. එහි හිම පතනය අතිශයින් තියෙන පළාතක්. ඉතින් ඒ නිසා එහේ ශීතල ඉහළින් ම තියෙනවා. මීට පෙර කිහිප වතාවක්ම කැනඩාවට පැමිණ තිබුනත් මේ පාර පාරනම් ගයත්‍රී ඩයස් සිය දරුවන් දෙදෙනා සමගින් ආවේ ටිකක් වැඩි කාලයක් ඉන්න. මෙයාලා නතර වෙලා ඉන්නේ ඇගේ සහෝදරියගේ ගෙදර. ශ්‍රී ලංකාවට වඩා වැඩි කාල ප්‍රමාණයක් කැනඩාවේ ජීවත් වන ඇගේ සහෝදරියගේ නිවසේ තමයි ඇය දරුවන් දෙදෙනා සමගින් නතර වෙලා තියෙන්නෙ.

ගයත්‍රීගේ අම්මගෙ වියෝවෙන් පස්සේ ගයාත්‍රිට ලංකාව එපා වෙනවා. ඊට පස්සේ ලංකාව අතහැරලා නංගි ලගට යන්න ඇය තීරණය කරනවා. ඒ මොකද ගයත්‍රිගෙ කියන කෙනෙක් ළඟ ඉන්න ඕන නිසා. ගයත්‍රිගේ නංගී ලංකාවේ හිටියේ ම නැති තරම්. නංගිගේ සැමියයි ඇයයි ඔස්ට්‍රේලියානු පුරවැසිබාවය තියෙන අය. කැනඩාවට ඇවිත් ඉන්නේ එයාලගේ රැකියාවල් වලට. අම්මගේ වියෝවෙන් පස්සේ නංගියි ගයත්‍රි දෙන්නම දැඩි කම්පාවකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ගයත්‍රි හොඳටම ජීවිතයේ වැටිලා හිටියේ. ඇගේ දරුවෝ දෙන්නා ඇයව සනසන කොට ඇය කියනවා ඔයාලගේ අම්මත් නැති උනහම ඔයාලට මේ දුක දැනෙයි කියලා.

ගයාත්‍රී සහ දරුවන් දෙදෙනා ඉන්න තැනට දරුවන්ගේ වැඩ කටයුතු සැලසුම් කරන විට චන්න පෙරේරා එන්න පුළුවන් බව ඇය පවසනවා. හිත් වල ඇති වුණ යම් කිසි දේවල් නිසා මොවුන් වෙන් වී සිටියත් දරුවන්ගේ දේවල් වලට දෙදෙනා ම එක් වී කටයුතු කරන බව ගයත්‍රි පැවසුවා. දරුවන්ගේ කටයුතු වලින් එහා කිසි දෙයක් සිදු නොවෙයි බව ගයත්‍රී ඩයස් පවසන්නේ.

ඇය ලංකාවේ නොසිටියත් තම රූපලාවණ්‍යාගාරය ඉදිරියටම කරගෙන යාමට ඇය ස්ටාෆ් එකට භාර දීල තියෙන්නේ. නමුත් ගයත්‍රි ඩයස් කැමතිලු එය විශ්වාස කෙනෙකුටම භාරදෙන්න. එය ඉතාමත් කලාත්මක විදිහට නිමවූ රූපලාවන්‍යාගාරයක් හින්ද ගයත්‍රී ගොඩාක් කැමතියි ලු රූපලාවන්‍යාගාරයේ ඉන්න.

ඇයට ලංකාවෙදි වගේම කැනඩාවේ දීත් ඉහළ ප්‍රතිචාර හම්බ වෙන වලු. ඇයගේ නංගිගෙ යාළුවන්ට ඇය ආවා කියලා ආරංචි වුණාය පස්සේ නිතරම කෝල් කර කර ගයාත්‍රි ව බලන්න ආසාවෙන් ලු ඉන්නේ. ශ්‍රී ලංකාවේ ජීවිතේ ජනප්‍රියත්වයත් එක්කම ගොඩනැඟුණු කිසිදාක ජනප්‍රියත්වය බැස ගිය කෙනෙක් නම් නෙමෙයි මේ ගයත්‍රි ඩයස්. ඉතින් ඇය කැමති වූ නිදහසේ ජීවත් වෙන්න. ලංකාව තුළ මොන තරම් නිර්මාණවලට එකතු වුණත් ඒ සෑම දෙයක් ගානෙම ඇය බොහෝ කාර්ය බහුල වෙනවා. එම නිසා ඇය තීරණය කරන්නේ නිදහසේ ජීවත් වීමට විදෙස්ගත වීම සුදුසු බවයි. ඇය කැනඩාවේ බොහෝ නිදහසේ සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතයක් ගත කරනවා.

ලංකාවෙ කට්ටිය කැනඩාවට ගිහින් එහෙ නිර්මාණයක් කළොත් ඒකට දායක වෙන්න ගයත්‍රි කැමතියිලු. නමුත් එයා රංගනයට වඩා ගොඩක් කැමති වෙලා තියෙන්නෙ අධ්‍යක්ෂණයට. ඉතින් එයාගේ බලාපොරොත්තුව ගයත්‍රි ගේම කියලා නිර්මාණයක් කරන්න. ඉතින් ගයාත්‍රි ඩයස්ගේ කැනඩාවේ නිදහස් ජීවිතේ උපරිම විඳින්න හැකි වෙන්න කියලත් ඇයගේ බලාපොරොත්තුවේ හැටියට ඇයගේ ම කියලා නිර්මාණයක් කරන්නත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින් ම සුබ පතමු.

Leave a Comment