Lifestyle

ගයානුයි චතුරිකයි අනියම් සම්බන්ධයක් පටන්ගෙන මාවයි දරුවොයි තනිකරා ගයාන්ගේ පළමු බිරිඳ

කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතරේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගෙන ඉන්න තරුවක් තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. අපේ රටේ බිහිවුණු ඉතාමත්ම දක්ෂ අපූරු රංගන විලාසයකින් යුක්ත වූත් සුවහසක් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනා ගන්නට සමත් වගේම ඉතාමත් කෙටි කාලයකදී ප්‍රේක්ෂකයින්ගේ සිත් සොරාගත් ආදරණීය රංගන ශිල්පියා තමයි ගයාන් වික්‍රමතිලක කිව්වොත් හරියට හරි. ඉතින් ගයාන්ට ම ආවේණික වූ අපූරු රංගන විලාසය හේතුවෙන් ම ඔහුට සිටින ප්‍රේක්ෂක පිරිසගේ නම් අඩුවක් නැහැ. ඉතින් අතිවිශාල ප්‍රේක්ෂක ගොන්නක් සිටින ගයාන් මේ වෙද්දි අපි කාගෙත් හිත් ගත් චරිතයක් වෙලා හමාරයි. ටෙලි නාට්‍ය රාශියක රංගනයෙන් දායක වූ ගයාන් පුංචි තිරය තුලින් හැමදාක ම ප්‍රේක්ෂකයන් අතරට එනවා. නපුරු චරිත වගේම අහිංසක චරිතද ඔහු මැනවින් රංගනය කරනවා.

ඉතින් ඔහු විවාහ වන්නේ ෆර්ෂිනා ලතීෆ් සමගයි. ෆර්ෂිනා ලතීෆ්ගේ මව සිංහල ජාතික කාන්තාවක් වුවත් පියා මැලේ ජාතික කෙනෙක් වන නිසා තමයි ඇයට වෙනස් විදියෙ නමක් හිමිවී තිබෙන්නේ. ඉතින් මේ ෆර්ෂිනා ලතීෆ් කියන විදිහට ගයාන්ගෙයි ඇයගෙයි ප්‍රේම සම්බන්ධතාවය පටන් අරගෙන තියෙන්නේ සිරස නාලිකාවේ තරු මංසල නම් වැඩසටහනට ගියපු අවස්ථාවකදී. එතැනින් පටන් ගත් ආදරය විවාහයකින් කෙළවර වුණා. ඉතින් ගයානුයි ෆර්ෂිනායි විවාහ වන්නේ ඇයට අවුරුදු විස්සක් වන විටයි. විවාහ වුණු ඔවුන් දෙදෙනා ආදරයෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය ගත කළා. කාලය ටිකෙන් ටික ගතවත්දී ගයාන් ගෙයි ෆර්ෂිනාගෙයි ආදරණීය සොඳුරු කැදැල්ලට දරුවන් දෙදෙනෙක් ද එකතු වෙනවා.

සතුටින් යුග දිවිය ගත කරන ගයාන් ගෙයි ෆර්ෂිනාගෙයි ජීවිතයට බාධාවක් වුනේ චතුරිකා පීරිස් ගෙන්. කච්චකඩුගේ චතුරිකා ජයමාන්න පීරිස් උපන්නේ කොලඹ. කොලඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු ඇගේ මව පියා සහ නැගණියගේ ආදරණීය කැදැල්ලේ සතුටින් ජීවිත් වුණා. ඇගේ කලා දිවියේ ප්‍රථම ටෙලි නාට්‍යය සූරිය දරුවෝ ටෙලිනාට්‍ය තුලින් තමයි ප්‍රේක්ෂකයන් අතරට ආවේ. මේ වන විට ගණන් කළ නොහැකි ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනයෙන් දායක වුණු චතුරිකා පීරිස් ඇගේ නිෂ්පාදනය ටෙලිනාට්‍ය දහයක් විතර ඇති බව සඳහන් කළා. ටෙලි නාට්‍ය වලින් පමණක් නොව සිනමා නිර්මාණ වලිනුත් ප්‍රේක්ෂකයන් අතරට එන්න සමත් වුන චතුරිකා සම්මානනීය කලා ශිල්පිනියක්.

මෙම දක්ෂ රංගන ශිල්පිනිය වන චතුරිකා පීරිස් ගයාන්ගේ සොදුරු කැදැල්ලට සතුරෙක් ලෙස පැමිණ ගයාන්ගේ හිත දිනාගන්නට සමත් වෙනවා. ඉන්පසු ගයාන් සහ චතුරිකා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව ආරංචි වන ෆර්ෂිනා ලතීෆ් දරුවන් දෙදෙනාත් සමග ම අසරණ වෙනවා. ගයාන් ෆර්ෂිනා ලතීෆ්ගෙන් වෙන් වී චතුරිකා සමග ආදරයෙන් බැදිලා ඇය සමඟ විවාහ වෙනවා. ගයාන් මෙලෙස ඔහුගේ ප්‍රථම විවාහයෙන් වෙන් වන අවස්ථාවේ ලොකු පුතාගේ වයස අවුරුදු තුන හමාරක් වන අතර පොඩි පුතාගේ වයස අවුරුද්දක් වෙනවා.

මෙම වෙන් වීමත් සමගම සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් චතුරිකාට සහ ගයාන්ට මිනිසුන් බැන වදින්නේ දරුවන් දෙදෙනෙකු අසරණ කළ නිසයි. ඒ පමණක් නෙවෙයි චතුරිකා සහ ගයාන් කියන්නේ දෙදෙනාම ප්‍රථම විවාහයෙන් වෙන් වී සිටින අය බවයි. ගයාන්ගේ වෙන් වීමත් සමග ෆර්ෂිනා ලතීෆ් ගොඩක් පීඩා විඳලා තිබෙනවා. ඇයට අවසානයේ දී දරුවන් දෙදෙනා ජීවත් කරවීම සඳහා විදේශගත වෙලා රැකියාවක් කරන්නත් සිදුවී තිබෙනවා. ඇය දරුවන් දෙදෙනාව ඇගේ මවට භාර කරලා තමයි මෙහෙම විදේශ රැකියාවකට ගිහින් තියෙන්නේ.

ඉතින් ගයාන් චතුරිකා ආදරණීය කැදැල්ලට නව සාමාජිකාවක් එක් වන්නේ දෙදෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින්. දෙදෙනාම මව් පදවිය ලබා පුංචි සිගිත්තියකගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් සිටියා. ඉතින් ඒ පුංචි දියණිය ආරාධනා. නම දාන්න තීරණය කරල තියෙන්නේ ගයාන්. ඒ ඔවුන්ගේ දරුවා මෙලොව එලිය දකින්නත් කලින්. ගයාන් දිනක් හීනෙන් දැකල තිබුණා චූටි රෝස මලක් වගේ දුවක්. එදා ගයාන් චතුරිකාටත් කියල තියෙනව දුවක් ලැබුනොත් ආරාධනා කියලා නම දාමු කියලා. ගයාන්ට කලින් පුතාල දෙන්නෙක් සිටියත් දියණියකගේ වගකීම පිළිබඳව කිසිම අත්දැකීමක් තිබුනේ නැහැ. ඒ නිසා ඔහුට ආරාධනා ගේ පැමිණීමත් සමගම දැනුණේ ඔහු වගකීම් සහිත පියෙක් බවයි. දුව මේ ලෝකෙට බිහිවන විට ගයාන් චතුරිකා ලගම ඉදල තියෙනවා. ඒ අත්දැකීම හරිම අමුතු අත්දැකීමක්. ඉතින් ගයාන් චතුරිකා ආදරණීය දියණිය සමගින් සතුටින් තමයි කාලය ගත කරන්නේ. ඒ බව අපිට සමාජ මාධ්‍ය තුලින් බෙහෙවින්ම දැකගන්න පුලුවන්. ඉතින් චතුරිකාගේත් ගයාන්ගේත් ආදරණීය කැදැල්ලට හැමදාම සතුටින් කාලය ගත කිරීමට හැකි වේවායි අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment