Lifestyle

‘මම හරි අහිංසක චරිතයක් කිවුවොත් හරියට හරි’ එමාශා සෙනෙවිරත්න

අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් ජනප්‍රිය, ගොඩක් දක්ෂ වගේම ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. මේ වෙනකොට රංගනයට පිවිසිලා වැඩි කාලයක් ගත වෙලා නැතත් ඇයට ලැබෙන ප්‍රතිචාරනම් ඉහලයි. වැඩි ටෙලි නාට්‍ය ප්‍රමාණයක රංගනය නොකළ ඇයගේ පළමු ටෙලි නාට්‍ය දෙවෙනි ඉනිම කියල තමයි ඇය කියන්නේ.

1992 වසරේ මාර්තු 24 වැනිදා උපන්න ඇය කුඩා කල සිටම බදුල්ල ප්‍රදේශයේ හැදී වැඩුණු කෙනෙක්. ඇය අධ්‍යාපනය ලැබුවේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒ වගේම ඇයට මේ වෙනකොට කළමනාකරණය පිලිබදව උපාධියක්ද තියෙනවා. ඇය තවමත් අවිවාහක කෙනෙක් විදියට සිටියත් ඇය විවාහය ගැන බලන්නත් බලාපොරොත්තු වෙනවා කියල තමයි ඇය කියන්නේ.

ඉතින් එමාශා රංගනයට අමතරව මෝස්තර නිරූපන ශිල්පිනියක් වශයෙනුත් කටයුතු කරනවා. එමාශා රංගන ක්ශේෂ්ත්‍රයට පැමිණියේ 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. ඇය ‘දෙවෙනි ඉනිම්’ ටෙලිනාට්‍ය සදහා රංගනයෙන් දායක වෙන්න කලින් වෙළඳ දැන්වීම් කිහිපයක් සදහාත් රංගනයෙන් දායක වෙලා තිබුණා. ඇය කේෂ්ත්‍රයට එන්නේ වෙළෙඳ දැන්වීම් තුලින්. ඒ වගේම ඇයගේ නිවසේ අම්මා තාත්තා වගේම ඇයට සහෝදරයෙකුත් සිටිනවා. ඔහු සිනමා හා ටෙලිනාට්‍ය නිශ්චල ඡායාරූප ශිල්පියෙක් වශයෙන් කටයුතු කරනවා කියලයි එමාශා කිවුවේ.

ඇත්තටම මේ වනවිට එමාශා එසේත් නැතිනම් දෙවෙනි ඉනිමේ සහේලි මේ වනවිට ගොඩක් ජනප්‍රියයි. ඇය හිතන්නේ ඒ ලබපු වාසනාවක් කියලා. ඒ වගේම පවුලෙ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ ක්ශේෂ්ත්‍රය තුලින් වැඩ කටයුතු කරන්න. ඇගේ පියා ඉන්ජිනේරුවක් වගේම අම්ම ගුරුවරියක්. ඉතින් ඒ කාර්‍යබහුලත්වයත් එක්ක දෙමාපියන් ඇයත් සමග හිටියා. සැබෑ ජීවිතේ හරිම අහිංසක චරිතය ඇය. ඉතින් එමාශා ‘හිතුවක්කාරී’ ටෙලිනාට්‍යයේ රන්මිණී චරිතයට තමයි පනපොවන්නේ. රන්මිණී චරිතය ගැන කතා කරන විට එයා ගොඩක් හොදට ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් ඇයට සිදු වෙලා තියෙනවා රැකියාවක් නොකර ගෙදරට වෙලා ඉන්න. ඒ රන්මිණීගේ තාත්තා කැමති නෑ රජයේ රැකියාවක් හැර වෙනත් රැකියාවක් කරනවට.

ඇය හිතන විදියට රංගන ක්ශේෂ්ත්‍රයට පිවිසීමට රංගනය පිලිබදව හැදෑරීමක් අවශ්‍යම නෑ. නමුත් හැදෑරීමක් කරල රංගනයට පිවිසුනොත් එය වඩාත් හොදයි කියලා. විෂයක් විදියට හදාරලා ආවොත් තමන්ගේ හැකියාව දියුණු කරන්න ඕන. උත්සහය, වාසනාව, පින කියන මේ තුන තියෙන කෙනෙක්ට ඕනම ක්ශේෂ්ත්‍රයක කෙනෙක්ට ඕනම දිගු ගමනක් යන්න පුලුවන්. කාන්තාවක් හෝ පිරිමි ඕන කෙනෙක් ඕනම ක්ශේෂ්ත්‍රයක් තුළ ඉන්න විදිය තමයි අදාල වෙන්නෙ. තමන් නිවැරදිව සිටියහොත් ක්ශේෂ්ත්‍රය කුමක් උනත් අදාළ නැහැ. ඒකයි විය යුතු බව එමාශා සදහ්න් කලේ. තමන් හිතට එකගව නිවැරදි විදියට හිටියනම් ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

සාර්ථකත්වය ගැන එමාශා කියන්නේ භෞතික වශයෙන් පේන්න තියෙන දේ පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ද නිහතමානී, කරුණාවන්ත හදවතක් තියෙන, වැනි ආධ්‍යාත්මික ගතිගුණත් තියෙන භෞතික වශයෙන් තමන්ට ළඟා කරගත හැකි අරමුණු ළඟාකර ගෙන නිවැරදි ගමනක් නම් තමන් යන්නේ එය තමයි සාර්ථකත්වය කියන්නේ.

ඉතින් මේ ජනප්‍රිය, දක්ෂ, හුරු බුහුටි එමාශා සෙනෙවිරත්නට අනාගතයේ හොද නිර්මාණ කරන්නට හැකි වේවායි කියා හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment