Lifestyle

මට නමක් ලැබුණා මහා දිග නමක් සුබ පැතුම් මැද්දේ උපන්දිනය දා දුලීකා මාරපන මුහුණු පොතේ එකතු කල සටහන

දුලීකා මාරපන කියන්නේ අපේ රටම දන්න සුහදශීලී චරිතයක්. අපේ රටේ ටෙලි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක් කියල කිව්වොත් හරියට හරි. නිතරම සිනහවකින් හරි ප්‍රේක්ෂකයෙක් සිනහ නැංවීමට ද එයාට තියෙන්නේ හරි පුදුම හැකියාවක්. 1975 වර්ෂයේ නොවැම්බර් 15 වැනිදා උපත ලබන දුලිකාගේ සම්පූර්ණ නම වාසල කුලතුංග විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමරි විජේකෝන් මාරපන. භාවිතයේ පහසුව සඳහා බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ දුලිකා මාරපන කියන නම.

දුලීකා මාරපන සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ 1997 වර්ෂයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් තිබියදී වේදිකා නාට්‍ය රඟපෑමෙන් ය. මේ විදිහට තම රංගන ගමන ආරම්භ කළ දුලීකා මේ වන විට රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තියලා තියෙන්නේ. සමනල තටු, ටිකිරි සුවඳ, සූරිය අරණ සහ මෑතකදී තිරගත වුණු අලි කතාව මගින් මෙවන් වූ චිත්‍රපටි තුලින් ඇය අතිශය ජනප්‍රියට පත් වුණා. අත්තම්මා සහ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යවලත් ඇය බොහෝ ජනප්‍රිය වුණා.

ඒ වගේම දුලීකා මාරපන වේදිකාව තුළ තමන්ගේ රංගන හැකියාව තුළින් තමන්ගේ රසික ආදරය නොඅඩුව ලබාගෙන තියෙනවා. ලෝරන්ස්ගේ මනමාලි කියන වේදිකා නාට්‍යය ඒ අතරින් එකක්. දුලිකා මාරපන සිරස සුපර් මාම් වැඩසටහන විනිශ්ච මණ්ඩලයේ තම රාජකාරි කටයුතු කළා. ඉතින් මේ විදිහට අපි කවුරුත් දන්න දුලිකා මාරපන දැන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. ඇගේ ආදරණීය සැමියා රංගන ශිල්පියෙක් වගේම ජනප්‍රිය අධ්‍යක්ෂක වරයෙක්. නමින් ඔහු සුජීව ප්‍රියාල්.

සුජීව ප්‍රියාල් වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ international කියන ඔහුගේ නිර්මාණය හරහා. නාඩි, ස්නැක් වගේම මේ දවස් වල විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍ය තුලින් ද ඔහුගේ රංගනය අපට දැකගන්න පුළුවන්. ඒ වගේම දිවිතුරා ටෙලිනාට්‍යයට දුලිකා මාරපන ද සුජීව ප්‍රියාල් සමගින් රංගනයෙන් දායක වනවා.

සුජීව ප්‍රියාල් ඔහුගේ කොන්ඩ විලාසිතාව ගැනත් කතා කරන්න අමතක කළේ නැහැ. බොහෝ දෙනෙක් එය විලාසිතාවක් කිව්වට එය ඔහුට ස්වාභාවයෙන් ම ලැබුණු දෙයක්. ඒ නිසා ඔහු කොතරම් මිනිසුන් විවේචනය කළත් එය තබා සිටින්නේ දුලිකා ද එයට ඉමහත් ආශාවක් දක්වන නිසයි. ඇයගේ උපන් දිනය ඊයේ දිනයේ පැවැත් වූවා. හැමෝගෙම සුබපැතුම් මැද්දේ ඇය අපූරු සටහනක් මුහුණු පොතට එකතු කර තිබෙනවා. ඒ මේ විදියටයි.


1975 එකොළොස් වැනි මාසෙ 15 වන දිනට එළිවෙන කොට මම ඉපදුනා. මට නමක් ලැබුණා. මහා දිග නමක් කෙටියෙන් දුලීකා මාරපන ලෙස සමාජය හැඳින්වූවා. එදා සිට අද දක්වාම ජීවිතයේ මහා විශාල අත්දැකීම් රාශියක් ලබන්නට මා පින්කර තිබුනා. මට හොඳ සමාජයක් පරිසරයක් අධ්‍යාපනයක් හොඳ මිත්‍ර සේවනයක් මෙන්ම සමාජය තුළ යහපත උදා කරන්නට අනෙකා ගැන හිතන්නට අනෙකා වෙනුවෙන් නැගී සිටින්නට පුළුවන් ශක්තිමත් ගැහැනියක් මා තුළ නිර්මාණය කරගන්නට මාගේ මේ සියලු අත්දැකීම් හේතු වුණා කියලා විශ්වාස කරනවා. මාගේ මව ස්වාමිපුරුෂයා මෙන්ම ඔබද මට නිරතුරු ශක්තියක් වූ බව මා කිව යුතුමයි. ඉතින් මට මා වෙනුවෙන් කරගන්නට දේ තවත් නැත. නමුත් ඔබ වෙනුවෙන් කරන්නට බොහෝ දේ තවම ඉතිරිව ඇත. අදින් මගේ ජීවිතයේ තවත් පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. ඒ පරිච්ඡේදය මා වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන් ලියවෙනු ඇත. මා වෙනුවෙන් සුබ පැතුම් වෙනුවට මේ මොහොතේ ඔබ ඔබේ අරමුණ සටහන් කරගන්න. ඒ අරමුණ කරා අපි ගමන් කරමු සාමූහිකව.

මේ අකාරයට තම උපන්දිනයේදී මුහුණු පොතෙහි ආදර්ශමත් අදහසක් එක් කල දුලීකගේත් සුජීව ප්‍රියාල්ගේත් ආදරණීය කැදැල්ලට චිරාත් කාලයක් සතුට කැන්දන්නට සුබාසිංශන එක් කරමු.

Leave a Comment