Lifestyle

‘අපේ අම්මා ඇහැ ගහගෙන හිටියේ මං කොයිවෙලේ හරි ළිඳේ පනියි කියලා’ දුලීකා මාරපන සංවේදී වූ හැටි

එක්තරා පියෙක් විසින් තම බිරිඳට ඔවුන්ගේ කුළුඳුල් දරුවා බිහි වන්නට ඉද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගේ නිමිත්තක් බලලා තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා ඉපදෙන්න ඉන්නේ පිරිමි දරුවෙක් කියලා. ඒත් නුවර මහ ඉස්පිරිතාලෙ යෙදී පිරිමි නැකතින් උප්පත්තිය ලබන්නේ ගැහැණු දරුවෙක්. ඉතින් මේ පියා විසින් ඔහු බලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.

එයාට නිමිත්ත බලපු මනුස්සයා කියලා තියෙන්නේ ගැහැණු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යෙන්ම මියයන බව. එසේත් නැතිනම් දෙමාපියන් දෙදෙනා විරසක වන බවයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැණු දරුවා තම දියණිය ලෙස බාර අරගෙන නෑ. ඒකත් එක්කම තම බිරිඳට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසයි.

වෙන කාට හරි හදාගන්න දෙන්න නැත්නම් පවුලෙන් ඈත් කරන්න වගේ දේවල් කියා තම බිරිදට බල කරනවා. ඒත් මේ මව කිසි විටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලා නැති අතර ඇය ඒ ගැන හිතලවත් නැහැ. ඉතින් මේ කිසි දෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍ය වීමත් පියාට අනවශ්‍ය වීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වෙනවා. ඒ වන විට එම පියා විසින් මව ගෙන් වෙන්ව ජීවත් වන අතර ඇයට තර්ජනය කරන්නේ මෙම දරුවාගේ ජීවිතය විනාශ කරන ලෙස. දරුවා අයින් කරන්න බැරි නම් දරුවාගේ ජීවිතය විනාශ කරන්න බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා. ඒ වන විට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවටත් ගැහැණු දරුවා පියාටත් කියන නීතිය.

නමුත් මේ නීතිය තිබියදීත් ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. අවසානයේ දී යම් කිසි නීති පනත් විශ්ලේෂණයෙන් පසුවත් ඇය හට තම දියණිය තමන්ගේ තනි අයිතියට ගන්නවා. ඒ අනුව ලංකාවේ නීති ප්‍රකාරව හබයාස් කොපුස් රීට් ආඥාවක් අනුව අම්මෙකුට බාරදෙන පලවෙනිම ගැහැණු දරුවා වන්නේ මේ දරුවා. ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා. ඒ අය මාරපන එදිරිව අභයකෝන් නඩුවයි.

ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව. මේ දරුවා තමයි පියාගේ ආදරය නොලැබුනත් මුළු රටක් එකසිය ආදරේ කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිනියක් වන දුලිකා මාරපන. දුලිකා මාරපන කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ වේදිකාවෙන් පුංචි තිරයෙන් වගේම සිනමාව තුළින් ද ඇයගේ දක්ෂතාවයන් පිළිඹිබු කරන රංගන ශිල්පිනියක්.

පාසල් යන කාලේ දගකාර විදියට හැසිරිලා නමුත් හොදින් ඉගෙන ගත්තු චරිතයක් තමයි ඇය. ඉතින් අවසානයේ විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ගන්නට සමත් වුණා. අම්මගේ ආදරයට චූටි කියපු දුලිකා අද ලොකු ගැහැණියක්. 2001 වර්ෂයේ තිරගත වූ සද අමාවකයි නාට්‍යයේ හිටපු දුලීකා මාරපන සැබෑ ජීවිතයේදී ගොඩක් වෙනස්. ඉතින් රංගන ජීවිතයෙන් දස්කම් පෙන්වන ඇය විවාහ වන්නේත් එවැනිම දක්ෂ කලා කරුවෙක් සමගයි. ඔහු සුජීව ප්‍රියලාල්. ඉතින් ඔවුන් දෙදෙනා මේ වන විට ගොඩක් සතුටින් තමයි කාලය ගත කරන්නේ. ඒ සොදුරු කැදැල්ලට හැමදාම සතුටින් කාලය ගත කරන්නට හැකි වේවායි අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment