Lifestyle

ලස්සන නැති වුනාට මම බුද්ධිමත් කෙනෙක් කියලනම් කියන්න පුලුවන් – දිනිති වල්ගමගේ

පුංචි තිරයේ විවිධ චරිත අතරින් හමුවන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම වෘත්තීය හැටියට ඇය ගුවන් සේවිකාවක්. ඉතින් ටෙලිනාට්‍යය ගණාවකම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතර ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලිය, සංජය නිර්මාල්ගේ BTS සහ ෂැඩෝ නාට්‍යය ඒ අතර වෙනවා.

රංගනය නිවේදනයට අමතරව ඇය හොද රචිකාවියක්. ඉතින් පොඩි කාලේ ඉදලම ලියන්න ආස වුණු දිනිති ගොඩක්ම කැමති ලියන්නයි. ඉතින් ඒ නිසාම ඇය බීටීඑස් ඇය සහ ඇගේ යාලුවෙක් සමගයි රචනා කරන්නේ. ඉතින් තවත් කෙනෙක්ට ඇහුම් කන් දෙන්න කැමති කෙනෙක් තමයි දිනිති කියන්නේ. ඉතින් ඇගේ ජීවිතේ සිදු වුණු අත්දැකීම් ගැන ඇය මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම අවුරුදු කුමාරි තරගයකට තේරිලා යන්න හැදුවම අපේ අම්මා කිව්වා අපෝ ඕවට යන්නේ ලස්සන අය ගිහින් නිකම් ලැජ්ජ වෙන්න හදන්න එපා කියලා. එදා ඉදලා මම හිතුවේ මම ලස්සන කෙනෙක් නෙමෙයි කියලා. මම ලස්සන කෙනෙක් නොවුනට බුද්ධිමත් කියලනම් කියන්න පූලුවන්. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ හොද කටක් මට තියෙනවා. මම ඕන දෙයක් ප්‍රකාශ කරන්න බය නෑ.

මම අදාල දේ ඒ තැනදි කියනවා. නැතුව ඒක හිතේ තියාගෙන ඉදලා පස්සේ දුක් වෙන්න මම කැමති නෑ. මෙතෙක් ගෙවුණු ජීවිතය ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් තීරණ ගත්ත කෙනෙක් මම. වෙන කෙනෙක්ව අනුගමනය කරන්නෙ නෑ මම මට ඕන ගමනට මම යනවා.”

ඉතින් මේ විදියටයි දිනිති ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇය ඇත්ත කෙලින් කතා කරන කෙනෙක්. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment