Lifestyle

රටක් ආදරය කරන දිනේෂ් චන්දිමාල් දැන් ගෙවන සුපිරි ජීවිතය

දිනේෂ් චන්දිමාල් කියන්නේ වෘත්තිමය ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වරින් වර සිටි නායකයෙක් ද වෙනවා. ක්‍රිකට් ලෝලීන්ගේ හදවතෙහි හදවතෙහි සිටිනා මේ දිනේෂ් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් වෘත්තිය ඇරඹුවේ ඔහුගේ පළමු පාසල වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් පසුවයි. ඉන් පසු ඉගෙනීමේ කටයුතු සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වීමත් සමගම ඔහු වයස අවුරුදු 17 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ද අවස්ථාව හිමි වුණා.


ඒ වගේම 2008 වර්ෂයේ දී විදුහලෙහි මුල් පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් පත් කෙරුණු දිනේෂ් චන්දිමාල් එම තරඟ වාරයේ දී විදුහලට ජයග්‍රහණය දහතුනක් හිමිකර දෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තබපු නායකයෙක් ද වුණා.

එසේම 2009 වර්ෂයේ දී වසරෙහි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද හිමිකර ගන්න ඇත මොහු සමත් වුණා. මෙලෙස පිට පිටම ජයග්‍රහන ලබාගත් ඔහු පාසලෙන් ඉවත් වූ පසු ක්‍රිකට් සමාජයට බැඳුණා. ඉතින් මේ විදියට ක්‍රිකට් සමාජ හරහාත් දක්ෂකම් පෙන්වා ඉදිරියටම ගියා. දිනේෂ් චන්දිමාල් මේ වන විට මුළු ක්‍රිකට් ලොවම කතාවෙන කෙනෙක් වෙලා තියෙනවා.

දිනේෂ් මීට වසර කිහිපයකට පෙර විවාහ දිවියට පිවිසුණා. ඇය ඉසිකා ජයසේකර නමැති සුරූපී යුවතියක්. ඉතින් මේ ඉසිකා ජයසේකරත් දිනේෂ් චන්දිමාලුත් ඉතාමත් ම සතුටින් කාලය ගත කරනවා කියලයි අපිට දැනගන්නට ලැබුණේ. තව තව ලංකාවට ජයග්‍රහණ ගෙනෙමින් අපේ රටේ නම ලෝකයේ ඉදිරියෙන් ම තැබීමට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment