Lifestyle

ආදරේ ඇත්තනම් ලැබෙනවමයි එක් කෙනෙක් හරි බොරුවක් කරනවනම් සොබාදහම ඒ දෙන්නව වෙන් කරනවා

නව පරපුරේ ගායන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය දිනාගත්ත ගායිකාවක් තමයි දිල්කි උරේශා කියන්නේ. එක රැයකින් ජනප්‍රියත්වයෙන් ඉහලටම ගිය තාරකාවක්. ඒ වගේම අපේ රටේ මෑත කාලයේදී බිහිවුණ ජනප්‍රිය, දක්ෂ, තරුණ, සුරූපී ගායිකාවක් කියලත් ඇයව හදුන්වන්න පුලුවන්. ගායිකාවක් වගේම සුන්දරත්වයෙනුත් හෙබි ඇයගේ හුස්මක් තරමට, සත්තයි මට ඔබ වාගේ, ලිය ලියා දුන් වගේම ළගදී අපි අතරට ආපු මගෙන් දුර යන්නනම් ගීත බොහොමයක් හරහා රසික හදවත් ඇද බැද තබා ගන්නට ඇයට හැකි වෙලා තිබෙනවා.

මේ අපූරු ගායන ශිල්පිනියගේ ගීත අපිට නිතරම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඉතින් අපි බලමු දිල්කි උරේශගේ ගායන ජීවිතය පටන් ගත්තෙ කොහොමද කියලා. ඇය ගායනය පටන් අරන් තියෙන්නෙ පුංචි කාලෙ ඉදලමයි. ඒ කියන්නෙ බහ තෝරන කාලේ ඉදලම වචන අහුල අහුල සින්දු කියන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඇයට තේරෙන කාලේ ඉදලම හිතාගෙන තිබුනෙ කොහොමහරි ගායිකාවක් වෙනව කියල.

ඉතින් ඇය මේ සංගීත ගමන ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි. විවිධ බදාවන් තුලින් තමයි මේ තැනට ඇවිත් තියෙන්නේ. ඇය සාමාන්‍ය පවුලක සාමාන්‍ය දරුවෙක්. ගොඩාක් ප්‍රශ්න තිබිල තියෙනවා. අම්මයි තාත්තයි මල්ලිල දෙන්නයි එක්ක මේ ගමන ඇවිත් තියෙන්නෙ. දිල්කි උරේශා ශිෂ්‍යත්වේ ලියල ප්‍රතිපල ආවහම ඇය විභාගෙන් සමත් වුණා. නමුත් ඒ සතුට සමරන්න ගෙදර කට්ටියට අවස්ථාවක් තිබුනෙ නෑ. ඒ චූටි මල්ලි ඉපදුන නිසා. ඊට වඩා තව දුක හිතෙන කාරණයක් තියෙනවා. එයාගෙ චූටි මල්ලිගේ පපුවෙ සිදුරු දෙකක් තිබුණා. ඉතින් ඒ වෙද්දි අම්මා රෝහලේ හිටියේ. ඉතින් දිල්කියි ලොකු මල්ලියි ආච්චි ලග හිටියෙ.

විභාගෙන් සමත් වුණ දිල්කිට හොද ලොකු පාසල් ආවා ඇතුලත් වෙන්න. නමුත් ඇයට යන්න නොහැකි වුණා. ඒ මල්ලිට වියදම් කරන්න ලොකු මුදලක් අවශ්‍ය නිසා. ඒ දවස් වල ඉන්න තිබුණු තැන පවා නැති කරගෙන මල්ලි බේරගන්න හැදුවේ. ඒ කාලේ ඇයගේ ඔලුවෙ තිබිල තියෙන්නෙ මල්ලිට මොනවහරි වෙයිද කියලා. ඉතින් එ කාලේ හරිම දුශ්කර කාලයක් දිල්කි ඇතුලු සිය පවුලම.

ඇයගේ ලොකුම බලාපොරොත්තුව වී තිබුණේ ප්‍රශ්න නැති කරගෙන අම්මලාව සතුටින් තියන්න. ඒ ගොල්ලන්ව බලාගන්න. ඉතින් අදටත් ඇයගේ බලාපොරොත්තුව ඒකයි. ඉතින් දිල්කි දැන් ඒ දේ කරනවා. අම්මයි තාත්තයි බලාගන්නවා. ගෑනු ලමයෙක්ට මේ ක්ශේෂ්ත්‍රය තුලින් හොද විදියට ඉදිරියට යන්න අපහසුයි. ඒ වගේම අමාරුයි. ඒ නිසා හිමින් ගිහින් හරි විදියට මේ ක්ශේෂ්ත්‍රයේ දිගු කාලයක් ඉන්න පුලුවන් කියල තමයි දිල්කි උරේශා හිතන්නේ. ක්ශේෂ්ත්‍රයට එන එක වගේම මේකේ රැදිල ඉන්න එකත් ලොකු අභියෝගයක් කියල තමයි ඇය කියන්නෙ. දැන් දිල්කිගේ වයස අවුරුදු 24ක්.

ඉතින් ඇය ආදරේ ගැන කියන්නත් අමතක කලේ නෑ. ආදරේ කියන්නේ දැනෙන දෙයක්. ඇය දැනෙන්න ආදරේ කරල තියෙනවා. ආදරේ විදල තියෙනවා. ඒ වගේම විරහවත් විදල තියෙනව. දැන් ඇය තනිවම ඉන්නේ. දිල්කි ආදරේ ගැන හිතන විදියට කිසි දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න ඕන කියල තමයි ඇය කියන්නෙ. එතකොට ආදරේ හරි සුන්දරයි. ස්මෝකියො ගැනයි දිල්කි උරේශ ගැනයි යන කටකතාව බොරුවක් කියලත් ඇය කියනවා. ස්මෝකියෝ කියන්නේ ක්ශේෂ්ත්‍රය තුල ඇගේ හොදම යාලුවෙක්.එතනින් එහාට කිසිම දෙයක් නෑ. ඉතින් ඇය පසු ගිය දිනෙක ඇගෙ මුහුණු පොතේ සටහනක් තැබුවා මේ විදියට.

හැරෙන්න එපා ඔයා රවට්ටන්නෙ ඔයාව ආපහු ඉස්කෝලේ යන්න තිබුණනම් කියල අනන්තවාරයක් හිතිල ඇති. හැබැයි ආපහු ඉස්කෝලේ එක වසරෙ ඉදන් පටන් ගත්න ලැබුනොත් ඔයා ඒ ගැන චාන්ස් එක ගන්නෙ නෑ. නැති වුණ ආදරෙත් ඒ වගේ. අනේ එයාව මට ලැබුණනම් කියල හිතුණට ඇත්තටම සදහටම කර ගහන්න වෙන බව දැනුනොත් සුසන්තිකාටත් වඩා වේගෙන් දුවන්න ඔයා ආදරේ ඇත්ත නම් ලැබෙනවාමයි. එක් කෙනෙක් හරි බොරුවක් කරනවනම් සොබාදහම ඒ දෙන්නව වෙන් කරනවා. ඔයාව මානසිකව, ශාරීරිකව, ආර්ථිකව පාවිච්චි කරල අත ඇරපු ඒ බැදීම්වලින් ඈතට දුවන්න. ලියන්නවත් උන්ව නිමිත්තක් කරගන්න එපා. සොබාදහම ඔයාට හරිම ආදරෙයි. ඒ ඔයා අවංක නිසා ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඇස් වහගෙන මවා ගන්න. අපැහැදිලි චායාවක් පේනවා නේද හ්ම්ම්ම්ම්ම් ඒ එයා

ඇය මේ සටහන අභිශේකා විමලවීරගෙන් උපුටා ගන්නා ලද්දක්. ඉතින් මෙම සුරූපි නව පරපුර් ගායිකාවට තව තවත් ගීත කිරීමට හැකි වෙන්නත් අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment