Lifestyle

“තාත්තට බෙහෙත් ගන්නේ, ගෙදර කුලිය ගෙවන්නේ, නංගියි මමයි ඉගෙන ගන්නේ මේ සල්ලි වලින්” යකඩ කදන් පාට කර පවුලේම ජීවිත ලස්සන කරන උසස් පෙළ සිසුවිය

උත්සාහය තියෙනවා නම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ. ඒකට ගෑනු පිරිමි කියලා කිසිම භේදයකුත් නැහැ. ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට කරදර පිට කරදර එනකොට තමන්ට කරන්න බැරි දෙයක් වුණත් කරන්න සිද්ධ වෙනකොට බැරි දෙයක් වුණත් කරන්නට ඔවුන් පෙලඹෙනවා. ජීවිතයේ නැති බැරිකම් අගහිඟකම් ඉස්මතු වෙන අමාරුවෙන් ජීවත් වෙන කාලයක් තමයි මේ.

මුදල් යහමින් තිබෙන ඇත්තෝ සතුටින් ජීවත් වෙනකොට එදාවේල වත් කන්න නැති දරුවෝ මේ ලෝකේ කොයිතරම් නම් ඇත්ද. කුඩා දරුවන් බඩගිනිවෙලා අඬනකොට අසරණ දෙමව්පියන් කුමක් කරන්නද. මේක තමයි සොබාදහම අපිට මවල තියන ලෝකය.

මිනිස්සු අතර නැති බැරිකම් එන විට විවිද ගැටලු කාරී තත්වයන් උදා වෙනවා. ඉතින් ශක්තිමත් බාහිර සම්පන්න දරුවෙකුගේ කඳුලු කතාවක් තමයි අපි මේ අහන්න යන්නේ.

දෙව්මිණී පාරින්ද්‍යා වයස අවුරුදු දාහතක් වන මෙම දැරිය ජීවත් වන්නේ අනුරාධපුරයේ නොච්චියාගම. සාමාන්‍ය පෙළ පාස් වී දැන් ඇය තාක්ෂණ වේදය විෂය ඔස්සේ උසස් පෙළ හදාරමින් සිටිනවා. ඉතින් ජීවත් වෙන්නට ක්‍රමයක් නොමැති මෙම පවුලේ අම්මා තාත්තා ඇතුළු දෙව්මිණී ගේ නංගිත් ඉන්නවා. දෙව්මිණී වගේම ඇගේ නංගි ද පාසල් අධ්‍යාපනය ලබන සිසුවියක්.

තම පියාගේ පාද හිරිවැටීම හේතුවෙන් පියාටද කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකි නිසා දෙව්මිණි තම පවුලේ සුබ සිද්ධිය උදෙසා 38 කණුව ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යනවා. ඉතින් ඇත්තටම මෙය මෙවැනි වයසක සිටින දියණියකට උචිත රැකියාවක් නොවන බව මුළු මහත් සමාජය ම දන්නා කරුණක්. නමුත් තමන්ගේ සහ තම පවුලේ අගහිඟකම් ඉටු කරන්නට මෙවැනි ධෛර්යවත් කර්තව්‍යයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇය පිළිබඳව අපි කොතෙකුත් කතා කළත් එය නිම කරන්නට බැරි තරම් උතුම් ක්‍රියාවක්.

නිවසේ කුලිය වගේම විදුලි බිල්, වතුර බිල් වගේ මේ සියල්ලම පවුලේ ඕනෑ එපාකම් සියලු දේ සිදු කරන්නේ දෙව්මිණී ගෙන් මේ රැකියාවෙන් උපයා ගනනා සුළු මුදලින්. ඒ විතරක් නොව තම නංගිගෙ අධ්‍යාපනයට වියදම් කරන්නේද ඇය මේ ධෛර්යවන්තව සොයා ගන්නා මුදලින්. ඒ වගේම ඇයත් මේ වන විට තාක්ෂණය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන දියණියක්. ඉතින් දෙව්මිණි පාරින්ද්‍යාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ මෙම ව්‍යාපාරය තමන්ගේම ඉඩමක පවත්වාගෙන දියුණු කර ගැනීමයි. ඇගේ මිතුරියන් ඇයට විහිළු තහළු කළද ඇය කිසිසේත් ම ඒවා හමුවේ නොසැලී තම පවුලේ අභිවෘද්ධිය උදෙසා මෙම රැකියාව කරන බව ඇය සතුටින් පවසා සිටියා. ඇයගේ අදහස් මේ විදියටයි අපි සමග බෙදා ගත්තේ.

“සම්ප්‍රදායේ විදියට කවුරුත් ඒකටම ඇතුල් වෙලා යන රටාවත් එක්ක අපි ජීවත් වෙන්නේ අනිත් අය හා සමාන ජීවිතයක් ගත කරන්න. තමන්ගේ හිතේ මවාගත්තූ ඒ ලෝකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා සමාජයේ ජීවත් වෙන්න අනිත් අයට වඩා හොඳට ජීවිතයක් ගත කරන්න අපට පුළුවන් කියලා. මම හිතන්නේ ටින්කරින් පේන්ටින් වැඩ කරාට යකඩ කදක් පේන්ටින් කරාට මම හිතන්නේ මේ හැම වැඩක්ම මගේ ජීවිතේ ලස්සන කරගන්න කරන දේවල් කියලා”

ඉතින් මෙවැනි කුඩා දියණියක් තම පවුල ආරක්ෂා කර ගැනීමට දරන්නා වූ මේ ප්‍රයත්නය ඇය සිතන ආකාරයෙන් ම මල්ඵල ගැන් වෙන්නට අපි පමණක් නොව මේ මුළු ලෝකවාසී සියලුම ජනතාව ඒ වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරන බව නම් ඒකාන්තයි.

Leave a Comment