Lifestyle

මම ට්‍රිප් එකක් ගිහින් සීතල ඉවසගන්න බැරිව රෙද්දක් පොරවන් නිදා ගත්තා – දෙවෙනි ඉනිමේ මයික්

අද කාලයේ කවුරුත් දන්න ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි දෙරණෙහි විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යය. ලොකු කුඩා කොයි කවුරුත් දන්න ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිම කියන්නේ මීට වසර ගණනාවක සිට තිරගත වන ටෙලිනාට්‍යයක්. ඉතින් මෙහි සමහරක් චරිත විටින් විට ටෙලිනාට්‍යයට එනවා යනවා. නමුත් කතාවේ මුලින්ම ඉදලා අද වෙනකම්ම ඒ චරිතයට රංගනය දායක වෙන රංගන ශිල්පීන් ශිල්පිනියක් කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ අතරින් දෙවෙනි ඉනිම කතාව මුල සිටම අද දක්වාම හිටපු චරිතයක් තමයි මයික් කියන්නේ.

මයික් චරිතය විහිලුවෙන් ප්‍රේක්ෂකයා හිනා ගස්සන චරිතයක්. ඉතින් මයික් විදියට පුංචි තිරය හරහා අපි අතරට එන්නේ ජනප්‍රිය රංගන ශිල්පී දෙනුවන් සේනාධී. ඉන්න තැන කිසිම පාලුවක් නැතුව විහිලුවෙන් කල් ගෙවන කෙනෙක් තමයි දෙනුවන්.

ඉතින් දෙවෙනි ඉනිමේ අනුහස්ගේ පාසල් කාලයේ මිතුරා තමයි මයික්. අනුහස්, මයික්, චබී කියන චරිත තුනටම ගොඩක් දෙනෙක් ආදරෙ කරනවා. ඉතින් දෙනුවන් මේ වනවිට ආදරණීය පියෙක්. ඔහුට සීතල දරාගන්න බැරුව කරන වැඩක් ගැන ඔහු රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි ට්‍රිප් එකක් ගියා ටුවර් එකක්. එහේ සීතල දරාගන්න බැරිව මම රෙද්දක් පොරවන් නිදා ගත්තා. මට ලංකාවේ සාමාන්‍ය සීතල දරාගන්න පුලුවන්. නමුත් ලොකු සීතලක්නම් ඉවසන්න අමාරුයි. ඒ නිසා මම ට්‍රිප් එක ගිහින් රෙද්දක් පොරවන් නිදා ගත්තා.”

ඉතින් මේ විදියට තමයි දෙනුවන් ඔහුගේ අත්දැකීම් ගැන පවසලා තිබුණේ. ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල ඒ සිතන ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment