Lifestyle

කොටස් දාහක් ගියත් මම දෙවෙනි ඉනිමෙන් අයින් වෙන්නෙ නෑ

දෙවෙනි ඉනිම කියන්නේ ගොඩක් දෙනා බැන බැන ඒත් තවමත් නරඹන අපූරු ටෙලිනාට්‍යයක්. බොහෝ දෙනා බනින නිසාවෙන් දෙවෙනි ඉනිම බලන ප්‍රේක්ෂක සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. මේ නිසාම පිට පිටම දෙවෙනි ඉනිම සදහා සම්මානත් ලැබෙනවා.

ලංකාවේ අංක එකේ ටෙලිසිත්තමක් වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ මයික්ගේ චරිතයෙන් රසික හදවත් සිනාවෙන් පුරවන ඔහු දෙනුවන් සේනාධීර. ලොකු කුඩා කාගේත් ආදරය දිනාගන්න දෙනුවන් වාසනා කරල තියෙනවා. මොහුව දෙනුවන් කියනවට වඩා කවුරුත් දන්නේ මයික් කියල කියනවට. ප්‍රේක්ෂකයන් සිනහවෙන් රසවත් කරන්නට දෙනුවන්ගේ මයික් චරිතය උපකාර කරනවා.

ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ඔහු දක්ෂ නිවේදකයෙක් විදිහටත් හඳුනාගන්නට පුළුවන්. ඉතින් ප්‍රහසන කියන දේ තමන්ගේ නිවේදනය තුලින් ප්‍රේක්ෂකයන්ව අපූරුවට ඇද ගැනීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වෙදිකාවෙ නිවේදකයෙක් විදියට ඔහු හරිම ආදරණීය ලෙසත් හාස්‍ය උත්පාදනය වන ලෙසත් ප්‍රේක්ෂකයන්ට අපූරු ආස්වාදයක් දෙන්නට ඉදිරිපත් වුණා.
ඉතින් දෙනුවන් ගේ පියා ඔහු හාස්‍ය උත්පාදනය කරන නළුවෙක් වීම සම්බන්ධයෙන් දැඩි සේ අකමැති බව ඔහු සදහන් කරනවා. ඒ නිසා නිසාම ඔහුගේ නාට්‍ය අත්පත් ඔහුගේ පියා බලන්නෑ කියලා තමයි දෙනුවන් කියන්නේ. ඉතා නිහතමානි විදිහට ජීවිතයක් ගත කරන හැමෝටම එක වගේ සලකන කෙතරම් ජනප්‍රිය වුවත් ඔහුගේ තියෙන නිහතමානී ගතිය වෙනස් කරන්නට දෙනුවන් යොමුවන්නේ නැහැ.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුළින් ඉතාමත් ජනප්‍රිය වන දෙනුවන්ගේ පාසලේ එකට ඉගෙන ගත් මිතුරෙක් දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය ලියන සමන් එදිරිමුනි කියන්නේ. මේ වන විට දෙනුවන්ට වයස අවුරුදු 38. දෙවෙනි ඉනිම ඔහුගේ ජීවිතය වෙනස් කළ බව සඳහන් කරන අතරම එයින් ලබන වැටුපෙන් තමයි දෙනුවන් ජීවිතය ගෙන යන්නේ.

ඉතින් මයික් ක්යන චරිතයට ඔහු බොහොම ආදරේ බවත් සඳහන් කරන අතරම මයික් කරන කැපකිරීම ටෙලි නාට්‍යය ප්‍රධාන නළුවා වත් ටෙලි නාට්‍ය වෙනුවෙන් කළේ නැහැ කියලා තමයි ඔහු පවසන්නේ. යම් කිසි කෙනෙක් හාස්‍යයට ලක් කරලා ලබන වැටුපෙන් තමයි දෙනුවන් කන්නෙ බොන්නෙ. ඒ ගැන ඔහු බෙහෙවින් සතුටු වෙනවා.

දෙවෙනි ඉනිම කොටස් දාහක් කරත් දෙනුවන් නාට්‍යයඅ රැඳී සිටිනවා කියලා තමයි ඔහු පවසන්නේ. ඔහු ජනප්‍රිය වුණා වගේම රටවල් වල ඇවිදලත් තියෙනවා. මේ දෙවෙනි ඉනිම නිසා. බොහෝ දෙනා ඔහුගේ චරිතයට බනින බවත් ගවුමක් ඇන්ඳ නිසා සමහරු හොදටම බැන්න බවක් දෙනුවන් දන්නවා. ඉතින් එදා ඒ කරපු චරිතය ද යම්කිසි වේතනයක් ලැබෙන නිසාවෙන් එම චරිතය සිද්ධ කරලා එතනින් ආවා ඒක ඉවරයි කියලා තමයි ඔහු කියන්නේ.

දෙවෙනි ඉනිමේ පොත්මිටිය තුරුලු කරන් පාසල් ගිය දෙනුවන් දැන් චූටි දූ සිගිත්තක පියෙක් වෙනවා. ඇය 2017 දෙසැම්බර් 5 වන දා උපත ලබන්නේ දෙනුවන්ගේ ඇස් කදුලුවලින් තෙත්කරමින්. ශෙලීනා රෙහන්සා සේනාධීර වන මෙම චුටි දූ දෙනුවන් වගේ කියලයි හැමෝම කියන්නෙ. ඒ වගේම මොහුගේ එකම හීනය දුවත් කලා ක්ෂේත්‍රයේ නියැලෙනවා දැකීමයි. ඉතින් මෙවන් වූ ප්‍රේක්ෂකයන් හිනා ගස්සන දෙනුවන් සේනාධීරගේ ඉදිරි වැඩ කටයුතු දූ පැටියා ඇතුළු සිය පවුලේ වැඩ කටයුතු සාර්ථක වීමට සුබ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා එක් කරමු.

.

Leave a Comment