Lifestyle

කාගේත් හදවතේ ගායකයා දමිත් අසංක කාලෙකට පස්සෙ ඇවිත් කියු දේ

‘මේ අනන්ත රාත්‍රීයේ සදේ නුබ කොහේ’ මේ ගීතය ඇහෙන අපේ කන් දෙකට ඇහෙනකොට අපි අපේ අතීතයට යනවා අපිට හිතාගන්නත් බැරි විදියට. මේ ගීතයේ මුල් හිමිකරු වෙන කවුරුත් නෙමෙයි. අපි ගොඩක් ආදරේ කරන දමිත් අසංකගෙයි. ඉතින් ඒ කටහඩ අපිට ඇහෙනකොට පුදුම රසයක් දැනෙන්නේ. මගේ හිත ගාව, සිතේ පෙම් පුරා, කදුලු මල් දම්, මාගේ ගැමි ජීවිතේ, නුවරඑළියෙ සිසිල් බවයි, ආදරේ නෑ ආදරේ, බාගෙට සැලුන් දොරින්, දේදුන්නක් පායලා, හීන ලොවින් ඔබ වැනි ගීත රාශියක උරුමක්කාරයා ඔහුයි. මේ ගායකයා ගැන විවිධ කතාබහට ලක් වුණා පසුගිය කාලයේ.

ඉතින් ඔහු මීට මාස කිහිපයකට පෙර සම්බන්ධ වුණු යූටියුබ් චැනලයකට සම්බන්ධ වෙමින් ඔහු මෙසේ සදහන් කලා. ඔහූ ගොඩක් කාර්යබහුල වෙලාලු. ඔහු සදහන් කලේ සංගීත ප්‍රසංග වලට ආරාධනා ලැබුනොත් අනිවාරෙන් සම්බන්ධ වෙනවා කියලා. ඔහු සදහන් කල විදියට අවුරුදු 9ක ඉදන් සංගීත ක්ශේෂ්ත්‍රයේ හිටපු නිසා පොඩි නිවාඩුවක් ගන්න මෙහෙම නිහඩව හිටියෙ කියලා. නමුත් ප්‍රේක්ෂකයන් විවිධ මත කියනවා මේ සම්බන්ධව.

ඒ වගේම ඔහු දරුවන් ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් ඒ නිසාත් ඔහු මේ විදියට පොඩ්ඩක් නිහඩ වෙලා ඉන්නේ කියලා ඔහු සදහන් කලේ. නිහඩ වෙලා ඉදලා නැවත වසරකට කලින් ඔහු ගීතයක් කරල තිබුණා. ඉතින් ඒ ගීතය සරල ගීතයක් වුණ නිසා ගායනා කරන්නට ඔහුට හැකි වුණා. මෙම ගීතයේ පද රචකයා වුණු රංග ලියනගේගේ පෞද්ගලික අත්දැකීමක් වුණා. “මගෙ සද සාවී” ගීතය තමයි ඔහු ගායනා කල ගීතය.

ඔහු ගායනා කරන මේ ගිතයේ පිරිමියාට හොද ප්‍රතිරූපයක් ලැබෙනවා. මෙහි රචකයා කොරියාවේ සිටින පුද්ගලයෙක්. හැමෝම ප්‍රේමයකින් බැදෙන අපි ප්‍රේමය කියන දංවැලෙන් බදාගන්නවා. ඉතින් තමන්ට වටින ගැඹුරු තැනක් තමයි ආදරය කියන්නේ. ඉතින් ආදරණීය ගීතයක් ප්‍රේක්ෂකයන්ට දමිත් අසංක මේ ගීතය ගායනා කලා. මොහු ගායනා කල මේ ගීතය ගැන සමස්ථ අදහස ගැන ඔහු සදහන් කලේ අර්ථය වැටහෙන්නේ නැත්නම් වටහා ගන්න කියලා.

මිනිසුන්ගේ හදවතට ගායනා කරන දමිත් අසංකගේ ගීතය හදවතට භාවනාවක් වගෙයි. ඉතින් අපේ හදවතේ ගායකයා ඒ වගේම කවුරුත් ආදරේ කරන මේ ගායකයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment