Lifestyle

රටම හඩවමින් පිලිකාව නිසා චතූ මෙලොව හැරයද්දී තවත් චතූ කෙනෙක් පිලිකාව පරාජය කල හැටි

චතූ මුණසිංහ කියන නම නොදන්නා කෙනෙක් අපේ රටේ නැහැ. පියයුරු පිලිකාවක් සමග ධෛර්ය සම්පන්නව සටන් කරපු හරිම සුන්දර කාන්තාවක් තමයි චතූ කියලා කියන්නේ. ඇය සමස්ථ කාන්තා පරපුරටම ආදර්ශයක් දෙමින් ඒ රෝගය සමග සටන් වැදුණු හැටි අපි හැමෝම දැක්කා. හැබැයි අවාසනාවන්ත විදියට චතූට අපිව හැරදාලා මෙලොවින් සමුගන්න සිද්ධ වුණා.

පියයුරු පිලිකා මාසය විදියට නම් කරපු පසු ගිය ඔක්තෝබර් මාසයේ සමස්ත කාන්තා පරපුරටම මේ රෝගයෙන් වැලකී සිටින ආකාරය කියා දෙමින් මේ රෝගයට ගොදුරු වී තම හිතේ ශක්තියෙන් ඒ රෝගයෙන් සුවය ලැබූ චතූ පත්බේරිය හරිම අපූරු කාන්තාවක්. ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන චතූ වේදිකා නාට්‍ය නිළියක්, සංගීත ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවක් මෙන්ම අද වන විට රූපවාහිනි නිවේදිකාවක් විදියට කටයුතු කරන ඇය ඇගේ ජිවිතය ගැන මෙහෙමයි සදහන් කලේ.

ඇය කැමති ඇයව ශ්‍රී ලාංකියානු කළා ශිල්පිනියක් විදියට හදුන්වනවාටයි. ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපිකාවක්. ඇය මෝස්තර නිරූපනය ගැන ගොඩක් හැදෑරීම් කරල තියෙනවලු. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන් යටතේ නුගේගොඩ කළා භුමි ආයතනයෙන් සංගීතයත් ඉගෙන ගෙන තිබුණා. තව වේදිකා නාට්‍යය වලට සම්බන්ධ වෙලා රාජ්‍ය යොවුන් නාට්‍යය උලෙළේ සම්මාන පවා රැගෙන තියෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ ස්ටුඩන්ට් වීසා මත වැඩිදුර අධ්‍යාපනය හදාරන්නයි. ඉන්පසු ඇය මෙල්බන් සරසවියේ වෛද්‍ය සමාජ විද්‍යා උපාධිය හදාරලා මේ වන විට ඔස්ට්‍රේලියාවේ මෙඩිකල් රිවීව් ඔෆිසර් කෙනෙක් විදියට රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා.

ඇය ඔස්ට්‍රේලියාවේදි වුවත් කළාව මගහරින්න අදහසක් නැහැ. බන්දු දිසානායක මහත්මයා විශ්ව වාහිනි නමින් රූපවාහිනි නාලිකාවක් පටන් ගන්නා බවයි ඇය සදහන් කලේ. ඒ නාලිකාවේ සජීවි වැඩසටහන් අංශයේ නිවේදිකාවක් විදියට ඒ නාලිකාවට සම්බන්ධ වෙනවා. එහි නිවේදිකාවක් විදිහට ලොකු දුර ගමනක් ඇවිත් ඊටපස්සෙ තමයි නිරූපන ක්ශේෂ්ත්‍රයට යොමු වෙන්නේ. මොඩ්ලින් ඒජන්සි එකක් එක්ක මොඩ්ලින් කරලා ඒකෙන් ගොඩක් ඉස්සරහට ගිය නිසයි ගොඩක් අය ඇය ගැන දැන ගන්නේ.

චතූ පත්බේරිය කියන මේ නිරූපන ශිල්පිනිය සුවිශේෂී චරිතයක් වන්නේ පිලිකා රෝගයට ගොදුරු වී ඉන් සුවය ලැබූ කෙනෙක් නිසයි. ඇය ඒ පිලිබදව මෙහෙමයි සදහන් කලේ.
මම පිලිකාවක් හැදිලා සුව වුන කෙනෙක් විදියට ගොඩක් අය මාව දන්නවා. ඒ කාලය ඇතුලේ මම පිලිකා රෝගියෙක් විදියට ලබපු අත්දැකීම සහ පිලිකාවක් හැදුණු ගැහැනු ලමයෙක් විදියට ජීවිතය දැනෙන විදිය සහ මරණය දැකපු විදිය මරණයෙන් එලියට ආපු විදිය මේ හැමදේම මම ජනතාව සමග බෙදා ගත්තා. මෝස්තර නිරූපන කේෂ්ත්‍රයේ නියැලිලා හිටපු කෙනෙක් විදියට මගේ මුලු කොන්ඩෙම ගියා. තට්ටය පෑදුනා. ඒ ප්‍රතිකාර නිසයි. ඒ තත්වය එක්ක තමයි මම හැමදේටම මුහුන දෙන්නේ.

ඒ දේවල් එක්ක නැගිට්ට හැටි මම හරිම කැමැත්තෙන් ලෝකයට කිවුවා. කිසිම දවසක මම ඒ දේවල් හංගන්නේ නැහැ. මට පිලිකාවක් තිබ්බ කියලා මම කියන්නේ ඒකෙන් මෙහෙම රෝගී උන තව කෙනෙක්ට දිරිය ගන්න පුලුවන් නිසයි. එහෙම කාන්තාවකට හිතන්න පුලුවන් මේ රෝගයෙන් සුවය ලබලා නිරෝගී උන අය තව ඕනි තරම් ඉන්නවා කියලා. හැබැයි ඒ ගොල්ලෝ හිතන්නේ දැන් ජීවිතේ ඉවරයි. අපි අවලස්සනයි අපෙන් වැඩක් නැහැ කියලයි. හැබැයි මම දැන් ගොඩක් සතුටින් කියන්නේ මගේ මොස්තර කේෂ්ත්‍රයේ හොදම කොටස එන්නේ මේ පිලිකා රෝගයෙන් සුවය ලැබුවට පස්සෙයි.

ඒ හින්දම මම හැම කාන්තාවකටම කියනව පිලිකාවක් හැදුණු පලියට මරණ වරෙන්තුව අපි අතට ගන්න ඕනි නෑ කියලා. පිලිකාවක් හොද උනාට පස්සෙ අනේ මම පිලිකාවක් හැදුනු කෙනෙක්නේ කියලා පහු බහින්න ඕනිත් නැහැ. ජීවිතය කියන්නේ කොතනින් කඩා වැටුනත් ගොඩ ගන්න පුලුවන් දෙයක්. මගේ ජීවිතය ගොඩක් තැන් වලදී කඩා වැටුනා. සමහර වෙලාවට තනිකම දැනිල රිදුණු තැන් තියෙනවා. පිලිකාව නිසා මට ජීවිතයේ අහිමි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. යුවතියක් විදියට ප්‍රේමය සම්බන්ධයෙන් මට රිදුණු තැන් තියෙනවා. ඒත් මම හිතනවා ජීවිතය කියන්නේ කොතනින් කඩා වැටුනත් අපිට ආපහු ලස්සනට ගොඩ නගා ගන්න පුලුවන් දෙයක් කියලා.

ඇය පවසන ආකාරයට ඕනිම යුවතියකට ගොඩක් ආරක්ෂිතව ඉන්න පුලුවන් රටක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ. ස්ටුඩන්ට් වීසා ඉන්න කාලේ පැය 20කට වඩා වැඩ කරන්න නීතියෙන් තහනම්. ඉතින් කැම්පස් එකෙන් හොයල දෙන පොඩි රැකියා කරලා තමයි මුදල් හම්බකරේ. එක් දවසක් ඇයට රැකියාවකින් තව එකකට යන්න වෙලාව නැති නිසා ඇය මෙල්බන් සිටි එකේ සෙන්ක්ලේඩා කියන පරිශ්‍රයේ පාර අයිනේ තිබුන බංකුවක නිදාගත්තා. ඊලගට තියෙන ට්‍රෑම් එකට නගින්න. මහ පාරේ තියෙන බංකුවක පැය තුනක් නිදාගෙන හිටියා. ඒත් ඇයට කිසිම අනතුරක් වුණේ නැහැ. ඒක ඇය අදටත් මතක් කරනවා සතුටින්.

මෙවන් සුන්දර රූප සොබාවක් තිබෙන ඇය තම රූපය රැක ගැනීම ගැන මෙහෙමයි සඳහන් කළේ. ඇත්තටම ඇය ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි ගොඩක් දේවල් දැනගත්තේ.ස්වභාවික කෑම බීම වලින් ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා තමයි ඇය කියන්නේ. ඇය හිතන්නේ කෘතිම දේවල් පාවිච්චි කරනවට වඩා ජිම් යනවට වඩා බාහිර ආලේපන ගානවට වඩා නැවුම් පලතුරු එළවළු වැඩිපුර ආහාරයට ගැනීම තුළින් තමන්ට තමන්ගේ රූපය රැකගන්න පුළුවන් බවයි. ඉතින් ඒ නිසා කෑමෙන් බීමෙන් තමයි පාලනය වෙන්නේ. ලංකාවේ සිටින අයට පිට රටවල් වලට වඩා හොද දේ තමයි තියෙන්නේ. ඉතින් ඇය හිතන්නේ ස්වභාවික දේවල් තමයි රූපයේ රහස් කියලා. ඉතින් මෙවන් වූ දිරිය කාන්තාවක් වන චතූ පත්බේරියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment