Lifestyle

චන්දිමාල් ජයසිංහගේ රාජකීය නිල් සාදය පැවැත්වූ හැටි මෙන්න

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ පුද්ගලයන් සිටිනවා. එහි දක්ෂයෝ බොහොමයක් සිටිනවා. ඒ වගේම මාධ්‍ය තුළින් කතා කරන, මිනිසුන් තුල කතාබහට ලක් වෙන රූපලාවණ්‍ය ශිල්පීන් ද ශිල්පිනියන් ද සිටිනවා. එහි දී චන්දිමාල් ජයසිංහ කියන නම නිතර නිතර අහන්න ලැබෙන නමක්.

ඔහු ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඒ වගේම ව්‍යවසායකයෙක්. ඔහු මනාලියන්ගේ තරග, ශ්‍රී ලංකා රූ රැජින සහ ලෝක රූ රැජින තරඟ මෙන්ම ඔහුගේ රාජකීය උපන්දින සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහු වඩාත් මිනිසුන් අතර ප්‍රචලිතයි.
ඔහු දැනට මිසිස් වර්ල්ඩ් හි (ශ්‍රී ලංකාවේ ) ජාතික අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා.

චන්දිමාල් ජයසිංහ කියන නම බොහොමයක් මිනිසුන් අතර වැඩියෙන් කතා බහට ලක් වන්නේ අමුතු අමුතු සාද නිසා. ඔහු ජීවිතයේ යම්කිසි විශේෂ අවස්ථාවන්හිදී සාදයන් පවත්වනවා. ඒ සාද සාමාන්‍ය පුද්ගලයකු පවත්වන සාද නොවන අතර ඉතා උත්සවශ්‍රීයෙන් ඒවා පවත්වනවා.
පසුගිය වසරක ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ඔහු රාජකීය උපන්දින සාදයක් පැවැත් වූවා. එයට සහභාගි වූ සියල්ලෝ ම රාජකීය විදියට තමයි ලෑස්ති වෙලා ආවේ. ඉතින් ඒ කාලයේ එය ඉතාමත් ම ජනප්‍රිය වුණා. සමාජ මාධ්‍ය තුළ නිතර නිතර සංචරණය වන්නට පටන් ගත්තා.

එහි විශේෂත්වය වන්නේ ඔහු මෙම සාද අතරතුර දී තරග පවත්වා ඒ තරග වලින් ජයග්‍රහණය කරන අයට තෑගි ද ලබා දීමයි. ඔහුගේ මෙම සාද සඳහා ක්ෂේත්‍රයේ විවිධ රූපලාවණ්‍ය ශිල්පීන් හා ශිල්පිනියන් වගේම රංගන ක්ෂේත්‍රයේ ශිල්පීන් ශිල්පිනියන් ද බොහොමයක් සහභාගි වෙනවා.


එම රාජකීය සාදය වගේම තවත් පින්කම් ද මොහු විසින් සිදු කරනු ලබනවා. ඔහුගේ විශේෂත්වය වන්නේ එම සාදයන් විශේෂ තේමාවක් ඔස්සේ සිදු කරනු ලබන අතර එයට සහභාගි වන සියලු දෙනාම ද එම තේමාවට අනුව සූදානම් වී සහභාගි වීම.

ඉතින් මෙවර චන්දිමාල් ජයසිංහගේ ෆේස්බුක් වෙරිෆිකේශන් එක වෙනුවෙන් ද රාජකීය ලෙස පාටියක් දමා තිබුණා. එයට සහභාගී වු සියලු කලා ශිල්පීන් ශිල්පිනියන් වගේම රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් නිල් පැහැයෙන් සැරසී තමයි පැමිණ සිටියේ. එය මෙලෙස උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ මේ අකාරයටයි. ඉතින් මෙම චන්දිමාල් ජයසිංහ කියන රූපලාවණ්‍ය ශිල්පියාගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වීමට අපේ හද පිරි සුබ පැතුම් එකතු කරමු.

Leave a Comment