Lifestyle

මගේ ජීවිතේ තවම සාර්ථක කරගන්න බැරි වුණ එකම දේ ප්‍රේමයයි – චාමි ප්‍රියදර්ශනී

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉදලා වේදිකා නාට්‍යය වලට සහභාගි වෙලා තම රංගන කුසලතාවය පෙන්නපු නවක රංගන ශිල්පිනියක් තමයි චාමි ප්‍රියදර්ශනී කියන්නේ. ඉතින් තිර පරීක්ෂණයකට සහභාගි වෙලා තමයි ඇය ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඇය සමාගමක ලේකම්වරියක් විදියටයි රංගනය කරන්නේ.

ඉතින් සුන්දර පළාතක උපත ලබපු චාමි සාමාන්‍ය පවුලක කෙනෙක් කියලයි ඇය සදහන් කරන්නේ. මේ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සමු දීලා පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරනවා. නිවසේ වැඩපලත් හොදින් කරන්න පුලුවන් චාමි වැඩියෙන්ම රසට උයන්නේ සෝයා මීට් වෑංජනය.

ඉතින් පාර දිගේ ටෙලිනාට්‍යයට අමතරව චාමී මියුසික් වීඩියෝ කිහිපයක දැක ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ඇය සියත නාලිකාවේ විකාශය වන විසේකාර හාදුවක් ටෙලිනාට්‍යයේත් රාජිනි නාට්‍යයේත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කලාවට ආස නිසා තමයි චාමි රංගනයට සම්බන්ධ වෙන්නේ. ඉතින් චාමි ප්‍රියදර්ශනී පුවත් පතකට ප්‍රේමය ගැන ඇගේ අදහස් එකතු කරලා තිබුණා.

” මගේ ජීවිතේ තවම සාර්ථක කරගන්න බැරි වුණ එකම දේ ප්‍රේමයයි. නමුත් ඒකත් ළගදිම සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. තවම ප්‍රේමවන්තියක් නම් නෙමෙයි. නමුත් අපේ ගෙදරින් හොද කෙනෙක් හොයමින් ඉන්නේ. ඇත්ත ආදරයක් ලබන්නනම් වාසනාවක් තියෙන්න ඕනී. ඇත්තම ආදරයක් තියෙයිනම් ගෙදර අයට පස්සෙ ආදරේ කරන්නේ ඒ කෙනාටයි. මම ආදරේ කරනකොට බොරු කරන කෙනෙක් නෙමෙයි.

ගෙදරින් කලාවට එනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මම මේ ගමන ආවේ තනියම. මගේ අරමුණ රංගනය ගැන ඉගෙනගෙන දවසක නිෂ්පාදකවරියක් විදියට කටයුතු කරන්න. ”

ඉතින් මේ විදියට තමයි චාමී ප්‍රියදර්ශනී ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment