Lifestyle

මගේ හස්බන්ඩ්ට සමාන කරන්න මේ මිහිපිට කෙනෙක් නෑ, අපි දෙන්න ලිවින් ටුගෙදර් ඉදලා විවාහ වුණේ – චමත්කා ලක්මිණී

ගිනියම් රෑ, සරුංගල්, හුස්ම, ඊතලය වැනි චිත්‍රපට හරහා වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි නිර්මාණවල රංගනය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණී කියන්නේ. ඉතින් කාලෙන් කලෙට චමත්කා රංගනය කරන චිත්‍රපට ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක්වෙනවා වගේම කාලෙන් කාලෙට ඇය අලුත් නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා. මේ දිනවල ඇය රංගනයෙන් දායක වුණු නවතම චිත්‍රපටයක් මේ දිනවල විකාශය වෙනවා. ඒ ‘පියාඹන්න ආයෙත්’ චිත්‍රපටය.

ඉතින් ආදරණීය සැමියා සහ පුංචි පුතත් එක්ක සතුටින් ජීවත් වෙන චමත්කා ගැන ගොඩක් දෙනෙක් තවමත් කතා කරන්න පෙළඹිලා තියෙන්නේ හුස්ම චිත්‍රපටයත් එක්ක. ඉතින් මේ තුලින් විශාල රසික පිරිසකගේ ආකර්ෂණය ඇයට ලැබුණා. ඉතින් චමත්කාගේ පළමු සිනමා නිර්මාණය වන ‘සරුංගල්’ චිත්‍රපටයට ඇයට ජනාධිපති කුසලාන සම්මාන පවා ලබා ගැනීමට ඇය වාසනාවන්ත වුණා.

ඉතින් මුලින්ම චමත්කා රගපෑ මියුසික් වීඩියෝ රූප රචනයක් වන ගිනියම් රෑ මියුසික් වීඩියෝවත් කවුරුත් කතා බහට ලක්වුණු මියුසික් වීඩියෝ එකක්. ඉතින් හුස්ම චිත්‍රපටයේ ‘තාරුකා’ කියන චරිතයට ඇය රංගනයෙන් දායක වුණාම කලා ක්ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් ඇහුවේ ඇයි මේ වගේ වැඩක් භාර ගත්තේ කියලයි. නමුත් ඇය හිතනවා එදා ඒ ගත්ත තීරණය හොද තීරණයක් කියලා. ඉතින් ඒ වෙනකොට චමත්කා විවාහ වෙලා හිටපු නැති කෙනෙක්. ඉතින් ඇගේ ආදරණීය සැමියා ගැන ඇය මේ විදියටයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මගේ මහත්තයා කිව්වා මම හුස්ම චිත්‍රපටය බාරගන්නවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නකොට දිගටම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්නවනම් ඒ චරිතය කරන්න කියලා. මේ ලෝකේ මාව තේරුම් ගත්ත එකම කෙනා මගේ මහත්තයා. එයාගේ තේරුම් ගැනීම සහ මට දෙන ශක්තියට සමාන කරන්න මේ මිහිපිට වෙන දෙයක් නෑ. ඒ තරමට එයා මාව තේරුම් අරන් ඉන්නේ. මම හිතන්නෙ මගේ සැමියා වගේ හොදට තේරුම් ගන්න පූලුවන් කෙනෙක් මේ ක්ශේෂ්ත්‍රයේ කාටවත්ම ලැබිලා නැතුව ඇති. අපි දෙන්නා විවාහ වුණේ ලිවින් ටු ගෙදර් ඉදලා. ඒ නිසා අපි දෙන්න අතර හොද තේරුම් ගැනීමක් තියෙනවා.’’

ඉතින් මේ විදියට තමයි චමත්කා ලක්මිණී ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment