Lifestyle

‘ මට කාමරයක් ඇතුලෙ මැනේජ්මන්ට් ඉගෙන ගන්න බෑ බන්’ කොන්දොස්තරවරයෙකුගේ අහන්නම ඕන කතාවක්

ඇත්තටම මේ සමාජයේ ජීවත් වුණාට අපි මේ වගේ දේවල්නම් අහනව හරිම අඩුයි. ඒ මොකද ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ රටට වැඩදායී නොවන විදියට නිසා. ඉතින් ජීවිතයට වටින වගේම වැදගත් කතාවක් තමයි මේ. සුන්දර මිතුරන් දෙදෙනෙකුගේ කතාවක්.

ජීවිතේ හරිම පුදුමාකාරයි. සමහර වෙලාවට කොයි තරම් ඉගෙන ගත්තත් සහතික පොදි බැද ගත්තත් ඊට වැඩි දැනුමක් මේ සමාජය විසින් සපයනවා. වැඩිය අටුවා ටීකා අවශ්‍ය නැහැ. අපි බලමු ඒ කතාව මොකක්ද කියල.
ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තර වරයෙක්. කොන්දස්තරවරයා සහ අනෙක් මිතුරා ඉගෙන ගත්තෙ ගත්තේ එකම විද්‍යාලයේ. ඔහු ආදි සිසුවෙක්. මෙහි සඳහන් කරන කොන්දොස්තරවරයා ඔහුට වඩා අවුරුදු දෙකකින් හෝ තුනකින් වැඩිමල්. මේ කොන්දොස්තරවරයාට මෙම මිතුරා අහම්බෙන් මුණ ගැහෙනවා. ඒ මාතර කොළඹ බස් එකක. මෙම කොන්දොස්තරවරයා මෙම මිතුරාගෙන් ටිකට් ගන්නෙත් නැහැ. කොන්දොස්තරවරයා සමගින් විනාඩි විස්සක් වගේ සැරින් සැරේ මෙම පුද්ගලයාට කතා කරන්නට ලැබුණා. ඉන්පසු ඔහුගේ ජීවිත ගමන මෙලෙස කියා සිටියා.

මෙම කොන්දොස්තරවරයා tourism කරපු වෑන් වල රියදුරු රැකියාවක් තමයි මුලින්ම කලේ. ඔහු ඒක මාස හයක් කරලා තිබුණා තැනින් තැන. ඉන් පසුව තමයි ඔහුගේ මීළඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නෙ. ඉන්පසුව ඔහුව තැන් තැන රැකියාව ලෙස කොන්දොස්තර රැකියා තෝරගෙන තියෙන්නෙ. ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා. ඒ කාලය තුළ දී ලංකාවේ සියලුම ප්‍රදේශ වල වගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසුවේ ටිකක් ආඩම්බරයෙන්.
‘මට ලංකාවෙ ඕනම ටර්න් එකක් නතින් මචං දැන්’

ඔහු උසස් පෙළ විභාගය පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්. කොන්දොස්තරවරයාගෙන් ඇයි මේ රැකියාව තෝරා ගත්තේ කියලා මෙම මිතුරා ඇසූ පසු ඔහු දුන්නේ මෙහෙම උත්තරයක්.

” මචං උඹ මේ බස් ගැන දන්නවද?” මිතුරා පිළිතුරු දෙන්නේ “ඔව් මචං උන්ට බස් හතර පහක්ම තියෙනවනේ” යනුවෙන්.

“හතර පහක්ම නෙවෙයි බං බස් අටක් තියෙනවා. ඒ පාරෙ දුවන පර්මිට් තියෙන ඒවා. ගමන් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියනවා. ඒ ඇරුනම tourism කරන කේ ඩී එච් අටක් තියෙනවා. Tourism කරන ඒසී බස් දෙකක් තියෙනවා. ඒකෙ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම.”

මෙය ඇසූ මිතුරාගේ ඇස් උඩ ගියා. ඒ මොහොතේ ඔහුට සිතාගත නොහැකි හැඟීමක් ඇතිවුණා.
‘මේ උඹලගෙ බස් එකක්ද’ යනුවෙන් මිතුරා ඇසූ දෙයට කොන්දොස්තර පැවසූයේ ‘ නෑ මචන් අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි’ කියලා. ‘එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ, ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද’ මෙතන ඉදල තමයි කතාව පටන් ගන්නේ.

“ඔව් මචන්, ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුනා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම භාර ගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නෙ මේ දෙසැම්බර් 31 වෙනකන් විතරයි බං. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න කියලා. ඒත් ඔය කොල කෑලි වල ලියපු සහතික තිබිලා නෙවෙයි බං අපේ තාත්තා එතැනට ආවේ. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න බෑ බං.

මං තාත්තාගෙන් අවසර අරගෙන සමාජයට බැස්සා . මුලින්ම tourism පැත්තට. එතන වෙන හොර වැඩ ඔක්කොම මං අල්ලගත්තා. ඊට පස්සේ බස් ඩ්‍රයිවර් එකෙන් හොරා කන හැටි දැන ගත්තා. මං අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කළා. අපේ බස් වල වැඩ කරන උන් මාව අදුරන්නේ නෑ.

පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි. ඒත් මම දැන් ඔක්කොම දන්නවා. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුව හම්බ කරපුවා මචං. ඒ මනුස්සයා මෙතැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයිවේ එකට බස් එකක් දානවා මචං. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්තිකාමරයෙ නෙවෙයි සමාජෙ කියලා.”

තියරියට එහා ගියත් ප්‍රායෝගික අත්දැකීමෙන් දැනුම ලබාගන්නා මොහුගේ වදන් ඇසූ මිතුරාට කඳුළු ආවේ නැතුව විතරයි. බහින තැන ලං වුනා. ඒත් බහින්න ලෝබ හිතුනා කතාව අහන්න ඕන කියල හිතුනෙ. නමුත් බහින්නම වෙනවා ඉක්මනට සෙට්වෙමු මිත්‍රයා කතාව ආයෙත් අහන්න ඕනේ මට. සුබ ගමන් කියා කොන්දොස්තර මිතුරාට සමු දී මිතුරා බස් රථයෙන් බැස ගියා.

මෙය ආදර්ශයට ගන්න ඕන කතාවක්. එය අද සමාජයට ගොඩක් වටින දෙයක්. ඉගෙන ගන්නට දරුවන්ට තරවටු කරන දෙමාපියන් මෙය අනිවාරෙන් ඇසිය යුතු කතාවක්.

Leave a Comment