Lifestyle

ඇන්තනී පවුලේ පුංචි රෝස මල ආරණ්‍යා

ජැක්සන් ඇන්තනී සහ කුමාරී මුණසිංහ කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉහළතම ස්ථානයක් ගත් යුවළක්. ඔවුන් දෙදෙනා පමණක් නොව දරුවන් තිදෙනා ද මෙම කලාවට දායාද කළ එම පවුලට ඇන්තනි පවුල කියලත් කියනවා. ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ගෞරවය ලබන මෙම ඇන්තනී පවුලේ කොඳු නාරටිය එසේත් නැතිනම් ජැක්සන් ඇන්තනී කියන්නේ මහා රංගන පෞරුෂත්වයට උරුම කම් කියන්නෙකි. රංගනයට, අධ්‍යක්ෂණයට, ගායනයට වැනි හැම ක්ෂේත්‍රයකට ම සමත්කමක් දක්වන්නට ජැක්සන් ඇන්තනී මහතා ට පුළුවනි.


කුමාරි මුණසිංහ කියන්නේ ජැක්සන් ඇන්තනී මහතාගේ සෙවණැල්ලේ සේ සිට තම පවුල නිසි ලෙස කළමනාකරණය කරන කෙනෙකි. කලා ක්ෂේත්‍රය සමඟම බොහෝ කාර්යබහුල ඇය තම පවුල පිළිබඳව උනන්දුව දක්වන්නේ ද නොමද පැකිළීමකිනි.


ඉතින් මොවුන් දෙදෙනාගේ පුංචි කැදැල්ලට සාමාජිකයින් තිදෙනෙක් පසුකාලීන ව එකතු වනවා. ඒ මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත අනුත්තරයි. මොවුන් තිදෙනා ද ගායනයට, නර්තනයට, නිවේදනයට වැනි මේ සෑම ක්ෂේත්‍රයකට ම දක්ෂයෝ වෙති. එය අමුතුවෙන් පහදන්නට අවශ්‍ය නැත. මොකද කුඩා කාලයේ සිටම කලාවෙන් පෝෂණය වන මෙම තිදෙනා එය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන තිබේ.

පසුගිය කාලයේ ඇන්තනී පවුලේ විවාහය පිළිබඳව හැමෝගෙම ආකර්ෂණයට ලක් වුණා. ඒ මන්ද මොවුන් තිදෙනාගේ ම විවාහයන් එකවර එක මොහොතේ සිදු වූ නිසයි. ආදරය කරුණාව පමණක් නොව සමගිය රැකවරණය මේ සියලුම දේ කැටි වී තිබෙන ඇන්තනී පවුලට එකතු වූ සාමාජිකයන් තිදෙනා ද එම සුදුසුකම් වලටම අනූන අය වේ.

ඇන්තනී පවුලේ ලොකු පුතා එසේත් නැතිනම් අකිල දනුද්දර කියන්නේ දක්ෂ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, සහ ගායකයෙක්. සිරි පැරකුම් චිත්‍රපටයේ දක්ෂ රංගනයක් ඉදිරිපත් කරන මොහු මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ද තාත්වික ලෙස රඟ දක්වයි. එසේම මොහු dream star හි නිවේදකයකු ලෙස කටයුතු කළා. මෙවැනි සකල ක්ෂේත්‍රයන්ට ම උපන් හපන් කම් කියන අකිල ධනුද්දර විවාහ වූයේ එමී නමැති සුන්දර හුරුබුහුටි රුවැත්තියක් සමගිනි.

ඇන්තනී පවුලේ වගේම සියලුම ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට මෙම හුරුබුහුටි එමි පාත්‍ර වෙනවා. ඇය ඉතාමත් නිහතමානී තැනැත්තියකි. මොවුන් දෙදෙනාගේ ආදරයේ සංකේතයක් ලෙස පුංචි ආරණ්‍යාගේ පැමිණීම ඇන්තනි පවුල විසින් මහත් ප්‍රීතියට පත් වන කරුණක්. එහි ආරම්භයක් ලෙස ආදර් ලෙස මොවුන් ගීතයක් ද නිර්මාණය කර තිබුණා. පුංචි සිඟිති ආරණ්‍යාගේ පැමිණීමත් සමඟම ඇන්තනි පවුල තවත් සතුටින් ඉතිරෙන්න පටන් ගත්තා.

අකිලගේ සහ එමීගේ ආදරය පමණක් නොව ඇන්තනී පවුලේ සියලුම දෙනාගේ ආදරය ගෞරවය ආරක්ෂාව පුංචි ආරණ්‍යාට ලැබුණා. ඉතින් ඇන්තනී පවුලේ පුංචි රෝස මල ආරණ්‍යාගේ ගේ ජීවිතය සාර්ථක වීමට අපි හදවතින් ම සුබ ප්‍රාර්ථනා එක් කරන අතර ඇන්තනී පවුලේ සියලු දෙනාට කලාව පෝෂණය කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment