Lifestyle

‘ගයාත්‍රිට මම කතා කරල ඇහුවා ටැටූ එකක් ගහමුද කියලා’ ටැටූ වලින් ලෝකයක් හොල්ලපු සුජී

අපේ රටේ මෙන්ම බොහෝ රටවල වයස් සීමාවක් නොමැතිව බොහෝ දෙනෙක් ආස කරන කලාවක් වගේම විලාසිතාවක් තමයි ටැටූ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ තරුණ නළු නිළියන් අතරේ ජනප්‍රිය විලාසිතාවක් කිව්වොත් හරි. ඉතින් මේ කවුරුත් ආස කරන ටැටු කලාව වසර විස්සකට වඩා දෙස් විදෙස් අත්දැකීම් ඇති වැටුප් ටැටූ පන්දහසකට වඩා සිත්තම් කර ඇති අපූරු දක්ෂ පුද්ගලයෙක් තමයි මීගමුව swan styles හි ඇන්ටන් සුජී කියන්නෙ. ඉතින් ඔහු පසුගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගි වී කතාබහ කරල තිබුනෙ මෙහෙමයි.

ඔහු පොඩි කාලේ ඉඳලම පේන්ටින් වලට හුඟක් කැමති කෙනෙක්. ස්වීඩන් ඉඳලා ආපු ඩොමිනික් සිරිල් කියන ආර්ටිස්ට්‍ තමා ඔහුගේ පේන්ටින් දැකලා ටැටූ කලාවට හිත යොදවලා තියෙන්නේ. ඊට පස්සේ තායිලන්තය, වියට්නාමය, ඩුබායි වගේ රටවල අවුරුදු පහළොවක ටැටූ ශිල්පියෙක් හැටියට වැඩ කරලා තමයි ඔහු ලංකාවට එන්නේ. විශේෂයෙන්ම ලෝකයේ ජාතීන් එකසිය හැටකට වඩා ඉන්න ඩුබායි රටේ දී ඔහුගේ ටැටු කලාව වැඩි වශයෙන් පෝෂණය වුණා කියලා තමයි ඔහු නම් කියන්නේ.

ඉතින් ඒ වගේම ටැටු කියන්නේ ලෝකයේ ජනප්‍රිය තාරකා වල අනන්‍යතාව පෙන්වන එක් අංගයක් කියලා ඔහු පැවසුවා. ඉතින් ඒ වගේම බය නැතුව ඕනම කෙනෙක්ට අද ටැටු එකක් කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා. මොකද අද තියෙන තාක්ෂණයත් එක්ක ඔබට ඒ ටැටු එකට අකමැති නම් මකලා දාන්න පවා පුළුවන් නිසා.

ටැටූ එකක් නියම සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට ගැහුවොත් ශරීරයට අහිතකර නැහැ කියලා තමයි ඔහු කියන්නේ. නමුත් ටැටූ වල වර්ණ නිසා ශරීරයට හානි වෙනවා. පිළිකා පවා ආසාදනය වෙන්නට හැකියාව තිබෙනවා. නමුත් ලෝකයේ ටැටු කරන විදිය දැක්කම ඒ මිත්‍යාවක් බව ඔප්පුවෙලා තියනවා කියලත් ඔහු පවසනවා.

ඒ වගේම ටැටූ එකක් කරන කොට වේදනාවක් දැනෙනවා කියනවනේ. නමුත් මේක ටැටු එක කරන කෙනා අනුව වෙනස් වෙනවා. මොකද ටැටු එක ගැන උන්මාදයෙන් ඉන්න කෙනාට වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඒ එයට ඇති ආශාව නිසා. සමහරක් අයගේ ටැටූ දවස් හතරක් විතර කරනවා. දවසට පැය තුන හතර ගානේ දවස් හතරක් පුරා ටැටු ගැහුවත් රිදෙන්නෙ නැති අය ඉන්නවා. වේදනාව කියන එක ටැටු එක ගහන කෙනාගේ මානසිකත්වය අනුව තමයි තීරණය වෙන්නේ කියලා සුජි කිව්වේ. ඒවගේම දැන් වේදනාව අඩු කරගන්න ක්‍රම පවා තියෙන බවයි ඔහු සඳහන් කළේ.

කාන්තාවන් හා පිරිමි යන දෙපාර්ශවයම අද ටැටු විලාසිතා කරනවා. කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන නිසා ජ්‍යාමිතික රූප සම්බන්ධ ක්‍රමයට නිර්මාණය කර ටැටු වලට තමයි මේ දිනවල වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ කියලා ඇන්ටන් සුජි පවසන්නේ. ඒ වාගේම ටැටු එක ගහන තැන එක් කෙනාගේ කැමැත්ත අනුව තීරණය වෙනවා. ඒ වාගේම තරාතිරමක් නැතිව සෑම ක්ෂේත්‍රයකම අය අද ටැටු එකක් ගහන්න උනන්දු වෙනවා. අවුරුදු විස්සත් හතළිහත් අතර අය තමා වැඩි ම කැමැත්තක් තියෙන්නේ කියලා ඔහු සඳහන් කළේ. ගුවන් සේවා වල වැඩ කරන අය වගේම වෛද්‍යවරු ඇතුළු පිළිගත් රැකියා කරන අය අතරත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා තිබෙනවා.

ඉතින් ඒ වගේම ගයාත්‍රි ඩයස් කියන්නේ තරුණ නොවුනත් තාමත් ලස්සනට ඉන්න කැමති කාන්තාවක්. ගයාත්‍රී ටැටු වලට කැමති චරිතයක්. ගයාත්‍රීව සුජීට මුණ ගැහෙන්නේ හරි අපූරු විදිහට. ඉතින් අන්තර්ජාලය ඔස්සේ තමයි සුජී ගයාත්‍රිට ටැටූ එකක් කරමු කියලා ආරාධනා කළේ. ඊට පස්සෙ මයික්‍රෝ බොඩින් කියන අයිබ්‍රෝස්වලට ගහපු ටැටූ එකක් ගැහුවා. ඇය වයසින් තරුණබව ඉක්මවා ගියත් යෞවනියන්ට වඩා කෙලි ලොල් බවක් විදහා පාන චරිතයක්. ඉතින් ඒ වගේම මේ දක්ෂ නැටුම් ශිල්පියා අපේ රටේ ජනප්‍රිය කලා තරු වන ශේන් සිං, ජින්ජර් වැනි කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ බොහෝ දෙනෙකුගේ ටැටූ ගහලා තියෙනවා. ඉතින් මේ දක්ෂ නැටුම් ශිල්පියාගේ ඉදිරි වැඩ වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වන්නට කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment