Lifestyle

“මගේ ආත්මය, මගේ පුතා මගේ හැමදේම” ප්‍රථම වරට මාධ්‍යට පෙන්වූ අංජුලාගේ සුරතල් පුතු පැටියා

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියල කියන්නෙ. ඇයගේ රංගනයට ගොඩක් දෙනා ආදරෙ කරනවා. ඇය බොහෝ ටෙලිනාට්‍ය ප්‍රමාණයක රංගනය සිදු කර තිබුනා. රන් දලඹුවෝ, සිහිනි, ඕලු වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය වල ඇය රංගනයෙන් දායක වුණා.

ඉතින් ඒ වගේම ඇය බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් චරිතයක් වුණේ ඇය රඟපාන දෙවෙනි ඉනිමේ අමීෂා ගේ චරිතය හරහා යි. කොහොම නමුත් ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් වන අංජුලා මේ වන විට කලා ක්ෂේත්‍රයේ ඉතාමත් සාර්ථක ලෙස දිගු ගමනක් ඇවිත් තියෙනවා. ඉතින් ඒ වගේම ඇය පසුගිය වසරේ විවාහ වුණු පුවතක් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම ඇය සමඟ විවාහ වුණේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ශිල්පියකු වන රංග වීරකෝන් සමගයි. ඉතින් මේ සුරූපී නිළිය පසුගිය දිනක උතුම් මව් පදවිය ලබපු බවත් දැන් නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්න කරුණක්.

ඉතිං ඒ ආදරණීය සුරතල් පුතෙක් මෙලොවට බිහි කරමින්. කොහොම නමුත් මේ පුංචි පැටියා ඉපදුනත් හරි තවම කිසි කෙනෙක් ඡායාරූපයකින් වත් මේ පුංචි පැටියා ව දැකලා තිබුණේ නැහැ. නමුත් ඊයේ දිනයේ ජනප්‍රිය නිළි අංජුලා ඇයගේ පුංචි පුතාගේ ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් ආදරණීය සෙනෙහෙබර සටහනකුත් එකතු කරලා තියෙනවා අපිට දැකගන්න ලැබුණා.

“මගේ ආත්මය, මගේ පුතා මගේ හැමදේම. මේ තමයි පලවෙනි ෆොටෝ එක මගේ ආදරණීය පුතාගේ දැන් වයස මාස හතයි. එයාගේ නම තමයි සනිජ කේශ්වර වීරකෝන්. පුතාට දෙවි පිහිටයි”

කියලා තමයි මේ ආදරණීය අම්මා එහෙමත් නැත්තන් අංජුලා රාජපක්ෂ ඇයගේ ආදරණීය චූටි පුතාගේ පලවෙනි ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත එකතු කරලා කියල තියෙන්නේ. ඉතිං අංජුලා රාජපක්ෂ හරි අපූරු නමකුත් ඇයගේ පුතාට එකතු කරලා තියෙන බව තමයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් මේ පුංචි සනිජ කේශ්වර පුතාට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් දක්ෂ ජනප්‍රිය නිළි අංජුලා ගේ ආදරණීය කැදැල්ලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතිනම් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment