Lifestyle

මම ටීවි එකේ දුවලා හුරතල් කරනකොට මගේ දුව මමත් එක්ක කතා කරන්නෙ නෑ – අංජලී ලියනගේ

දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ කියන්නේ කොයි කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ටෙලිනාට්‍යයක්. ඉතින් මෙහි එදා සිට අද දක්වාම රංගනයෙන් දායක වෙලා ඉන්න කෙනෙක් තමයි දෙව්මිගේ අම්මා. ඇය තමයි අනූෂා කියන්නේ. ඉතින් මේ අනූෂ විදියට රංගනයට එකතු වෙන්නේ අංජලී ලියනගේයි. ඉතින් ඒ විතරක් නෙමෙයි දියනි නාට්‍යයේ සහ හිත ළග හිනැහුනා ටෙලිනාට්‍යයන් දෙකේත් ඇය මවක් විදියට රංගනය කරනවා අපි දකිනවා. ඉතින් පුංචි තිරයේ ආදරණීය මවක් විදියට මේ වනවිට දකින අංජලී ලියනගේ ඇගේ සැබෑ ජීවිතේත් ආදරණීය දියණියකට මවක් වෙනවා.

ඉතින් ක්ශේෂ්ත්‍රයට ආපු කාලේ ඉදලාම අංජලීට රංගනය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අම්මගේ චරිතයයි. ඉතින් ඒ නිසාවෙන්ම ඇයට මෙය නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේම ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘හිම කදු’ නාට්‍යයේ තමයි ඇය අම්ම කෙනෙක් විදියට ප්‍රථමයෙන්ම රංගනය කරන්නේ. ඉතින් ඇය පුවත් පතකට ඇගේ අත්දැකීම් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදියටයි.

” මම වැඩි හරියක්ම අම්මෙක් වුණේ දෙව්මිටයි දනුකටයි. ඒ දෙන්න බොහොම සහයෝගයෙන් වැඩ කරන දෙන්නෙක්. අවුරුදු 4ක් තිස්සේ ආනන්දගේ පවුලට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඉතින් තවමත් ඒ ආදරය තියෙනවා.

මම ටීවි එකේ දුවලා හුරතල් කරනකොට මගේ දුව මම එක්ක කතා කරන්නෙ නෑ. මම ඒ වෙලාවට ඒ රංගන ශිල්පිනියන්ට කතා කරන්න දෙනවා එතකොට එයා ශේප් වෙනවා. මේ වෙනකම් මම ආදරණීය අම්මගෙ චරිතය කලාට මම ඕනම චරිතයක් කරන්න ලෑස්තියි. කලු චරිත හෝ ඖදු චරිත ඕනම එකක් කරන්න සූදානම් වෙන්න ඕන රංගන ශිල්පිනියන් විදියට. නමුත් මගේ මූණට ගැලපෙන්නෙ අහිංසක දුප්පත් අම්මෙක්ගේ චරිතය.”

පුංචි තිරයේ අහිංසක අම්මා සැබෑ ජීවිතේත් ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් සාර්ථකව කිරීම තමයි ඇගේ අරමුණ. ඉතින් ඇගේ ඉදිරි කලා වැඩ කටයුතු වගේම අනාගත බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment