Entrepreneur

ටයිටැනික් නෞකාව ඇතුළේ අදටත් සැඟවී තිබෙන නිධන්

මංගල ගමනින්ම විනාශයට පත්වුණු ටයිටැනික් නෞකාව ගැන අපි හැමෝම දන්නවා. 1500 කට ආසන්න මිනිසුන් පිරිසකට මරු කැඳවූ මේ ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 වන දින අත්ලාන්තික් සාගරයේ දී අයිස් කුට්ටියක ගැටීමෙන් විනාශයට පත්වෙනවා. දිග මීටර් 260 ක් වූ, පළල මීටර් 28 ක් වූ මේ ටයිටැනික් නැව 20 වන සියවසේ මුල් භාගයේ නිමවුණු විශාලතම මගී නෞකාව වුණා. වසර සියයකට පමණ පෙර මුහුදුබත් වුණු මේ නෞකාවේ බොහෝ වස්තූන් පවතින බව නොරහසක්.මොකද එහි  මංගල ගමනට එකතු වූ අයගෙන් බහුතරය ධනවතුන් වූ නිසා.

ඉසතෝරාට්‍රව්ස්තම් කියන කාන්තාව විවාහවෙලා සිටියේ ඊදෝල් ත්‍රවුස් මේසිස් කියන සුප්‍රකට සමාගමේ එවකට සමහිමිකරුවා සමඟ. ඔවුන් මේ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගීන් වුණා. ඒ වගේම  නැවේ ගමන් කළ ඩෆ් කෝටන් ආර්යාව එවක එංගලන්තයේ සිටි ප්‍රසිද්ධ මෝස්තර ශිල්පිනියක්. මැඩලින් ඇස්ට්‍රා නම් ධනවත් කාන්තාව නැවේ ගමන් කළ ධනවත්ම පුද්ගලයා වුණු  සිව්වන ජෝන් ජේකප් ඇස්ටර්ගේ බිරිඳ වුණා. ඔහුගේ වත්කම ඩොලර් මිලියන 2.26 ක්.

ඒ වගේම බෙන්ජමින් ගුගන්හයිම් , රෝස් වගේම අයර්ලන්තය, ස්කැන්ඩිනේවියාව සහ වෙනත් රටවලින් සංක්‍රමණය වුණු දහසකට වැඩි පිරිසක් ඒ ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වුණා . මේ ධනවතුන් සමඟම ඔවුන්ගේ බොහෝ වස්තූන් නෞකාව සමඟ මුහුදුබත් වුණා. එදින මේ ටයිටැනික් නෞකාවේ මංගල ගමනට කෝටිපතියන් දස දෙනෙක් සහභාගී වූ බවත් , ඩොලර් මිලියන සිය ගණනක් වටිනා රන් සහ ස්වර්ණාභරණ ඇති සේප්පු ද තිබුණු බවත් සඳහන්. මේ ගිලුණු ටයිටැනික් නෞකාවේ ආභරණ සඳහා මුළු වියදම 200,000,000 ක් පමණ  වන බව පැවසෙනවා.ඉතින් ටයිටැනික් නෞකාවේ ඒ සැඟවුණු මිල කළ නොහැකි වස්තූන් ගැනයි අද කතාව.

ඉතින් අප්‍රේල් 14  වන දින රාත්‍රියේ අනතුරට පත්වන නෞකාව මුහුදුබත් වුණු නැවතුම දැන සිටියත්, අනතුර සිදුවුණු කලාපය ගැන අදහසක් තිබුණත් එහි සුන්බුන් සොයා ගන්නට වසර 73 ක කාලයක් ගතවුණා. 1914  ආරම්භ වුණු පළමු ලෝක යුද්ධය ටයිටැනික් නෞකාව සෙවීම වසර ගණනාවකින් කල්දමන්නට හේතුවුණු කාරණයක්. 1985 සැප්තැම්බර් 1 වනදා ඇමරිකානු සාගර විද්‍යාඥ ආචාර්ය රොබට් බෝල්ඩාර් විසින් එය සොයාගත් අතර දැනට යුනෙස්කෝහි ආරක්ෂිත ස්ථානයක් ලෙස පවතිනවා.

ඉතින් මේ නෞකාවේ සුන්බුන්වලින් සොයාගත් ඉතා වටිනා කෞතුක වස්තුවලින් බහුතරයක්ම වෙන්දේසි වුණා. මේ නැවේ පවුම් දස ලක්ෂයක් වටිනා දියමන්ති තිබුණු අතර එක් ඇමරිකන් ධනවත් කාන්තාවක් සතුව පවුම් එක් ලක්ෂ විසිදාහක් වටිනා මුතු තිබුණු බවත් සඳහන්.

ඉතින් මේ නැවේ අදටත් බොහෝ වස්තූන් සැඟවී තිබෙන බව අසන්නට ලැබෙනවා. ඒ අතර රන්, රිදී, මුතු, මැණික් හැරුණම ඉතා වටිනා කලා කෘතීන් රැසක් ද පවතින බවයි පැවසෙන්නේ. ඉතින් ඒ අතර විශේෂම වස්තුවක් තමයි දියමන්ති මාලය. නැත්නම් සමුදුරේ හදවත. 1997 වසරේ දී  තිරගත වුණු ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ වූ ෆ්රූක් කියන නිදන් ගවේශකයා ටයිටැනික් නෞකාවේ සැඟවී ඇතැයි සැලකෙන නිල් දියමන්ති මාලයක් පිළිබඳව  ගවේෂණයක නිරත වෙනවා. ඒ මාලයේ ඇති නිල් දියමන්තිය 16 වැනි ලුවී රජුගේ කිරුළේ තිබුණු එකක් බවට විශ්වාස කරනවා. 1973 රජුගේ හිස ගසාදැමීමෙන් පසුව දියමන්තිය හදවතේ හැඩයට කපා හැඩ දමනු ලබන බවයි පැවසෙන්නේ.

ටයිටැනික් නැවේ අනතුරින් ගැළවුණු රොස් කියන මහලු කාන්තාව හරහා මේ ටයිටැනික් චිත්‍රපටයේ රෝස් පැළඳගෙන සිටින දියමන්ති මාලය මෙය බවට ගවේෂයන් විශ්වාස කරනවා. ඉතින් සමුදුරේ හදවතේ දියමන්තියේ කතාව සැබෑවක් නොවුණත් එයින් හැඟවෙන දේ සැබෑවක්. කොහොමහරි ඒ චිත්‍රපටයෙන් එදා ඒ නැවේ ගමන් ගත් ධනවතුන්ගේ ධනය නැව සමඟම මුහුදු පත්ලේ සැඟව ඇති බවට ඉඟියක් ලබාදෙනවා .

ඒ විතරක් නොවෙයි ටයිටැනික් නෞකාවත් සමඟම මුහුදුබත් වුණු අදටත් සොයාගත නොහැකි වුණු පවුම් මිලියන 200 ක් වටිනා දියමන්ති නෞකාවේ තිබූ බවට මේ වෙද්දි ගණන් බලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ ඒවා සොයා ගන්නට කිමිදුම්කරුවන් උත්සාහ කළත් තවමත්  ඒවා සොයාගන්නට කිසිවෙක්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් විනාශවෙමින් යන මේ නෞකාව තුළ ඇති වටිනා කෞතුක භාණ්ඩ රන්, මුතු, මැණික් ආදියත් සම්පූර්ණයෙන් විනාශ වෙන්නට පෙර සොයාගතයුතු බවයි බොහෝ අයගේ අදහස . කොහොමවුණත් මේ දියමන්ති අයත්ව තිබුණේ ස්විට්සර්ලන්තයෙන් පැමිණ සිටි සහෝදරයන් දෙදෙනෙක්ට කියලයි කියවෙන්නේ . ඔවුන්ගේ බහාලුම් පුරවා තිබූ ඒ දියමන්ති නිව්යෝර්ක් වෙත ප්‍රවාහනය කළේ කුමන අරමුණකින් ද යන්න නම් තවමත් වටහා ගන්නට බැහැ. ඉතින් මේ වටිනා දියමන්ති ආදිය අදටත් අබිරහසක්ම විතරයි.

මුහුදු පත්ලට බිලිවුණු රුබයියාට් තවත් එවැනිම වටිනා වස්තුවක් විදියට සලකන්න පුළුවන්. පේලි සතරක් සහිත පර්සියන් බසින් රචනා වුණු කාව්‍යයක් රූබයි කියල හඳුන්වනවා. ඒවායේ එකතුවක් තමයි රුබයියාට් නමින් හඳුන්වන්නේ. ඕමාර් ඛයියා කියන සුප්‍රසිද්ධ කවියා ලියන ලද රුබයියාට් කාව්‍ය සංග්‍රහය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රුබයියා සංග්‍රහය විදියටයි සලකන්නේ. මේ ඕමාර් ඛයියා  1048-1131 අතර කාලයේ පර්සියාවේ ජීවත් වුණු ගණිතඥයෙක් වගේම තාරකා විද්‍යාඥයෙක් ද වුණා. 1859 ඉංග්‍රීසි බසට පරිවර්තනය වන මේ කාව්‍ය සංග්‍රහය මුලින් ජනප්‍රියත්වයට පත්නොවුණත් 1861 දී එය ජනප්‍රිය කරනු ලබන්නේ වින්ක්ලි ස්ටොන්ස් විසින්. 1872 වෙද්දි ඒ පරිවර්තනයේ දෙවන සංස්කරණයක් පවා එළිදක්වන්නට සිදුවුණු අතර මේ නිසා ඇමරිකාව තුළත් ඉතාමත් ජනප්‍රිය කෘතියක් බවට පත්වෙනවා.

ඉතින් මේ ටයිටැනික් නෞකාව මුහුදුබත් වන අවස්ථාවේ නැව තුළ ගල් එල්ලූ  රන් බැම්මෙන් බඳින ලද විශේෂිත රුබයියා සංස්කරණයක පිටපතක් තිබි තියෙනවා. එය 1912 මාර්තු මාසයේදී විකිණීමට අපේක්ෂා කළ ඇමරිකානු මිලදී ගන්නෙක් වෙත  ප්‍රවාහනය කරමින් තිබුණු එකක් විදියටයි සඳහන් වෙන්නේ. ඩොලර් 1900 ක් වටිනා ඒ පිටපත නෞකාව එක්කම මුහුදු බත් වෙන්නට ඇති බව අපිට සිතන්නට වෙනවා. 

ඒ විතරක් නොවෙයි පාරාවෝ අමෙන් හොටෙප් ඊජිප්තු සූක්ෂමතාකරුවාගේ දුර්ලභ වගේම ඉතාමත් මැනවින් ආරක්ෂා කළ මමී සියල්ල ආදියත් මුහුදු පත්ලටම සින්න වූ වටිනාකම මිල කළ නොහැකි වස්තූන්.

මේ ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවතුන් අතර ඉතාමත් සුප්‍රසිද්ධ දක්ෂ කලාකරුවන් ද සිටි බව සඳහන් වෙනවා. කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ පෙන්වන ආකාරයට නැව තුළ බොහෝ කලා නිර්මාණ පැවති බව පැහැදිලියි. මොනේ ආදීන්ගේ අති පෞරාණික සිතුවම් ආදිය මේ නෞකාවේ තිබුණු බවට ඒ සිනමාපටය අපට මතක් කර දෙනවා. සැබෑ තොරතුරු කොහොමවෙතත් එදා නෞකාවේ බොහෝ කලාකරුවන් වගේම කලා නිර්මාණත් තිබෙන්නට ඇති බවත් ඔවුන් සමඟම මේ නිර්මාණ නෞකාවත් සමඟ මුහුදුබත් වෙන්නට ඇති බවත් සිතන්නට පුළුවන්.

යම්  යම් වාර්තාවලට අනුව කලා නිර්මාණ එහි පැවති නමුත් ඒ කලා නිර්මාණවල ප්‍රමාණය ගැන හෝ  ඒවා  මොනවාද යන්නත් තවමත් නිශ්චිත නැහැ. සමහර ටයිටැනික් මගීන් ඔවුන්ගේ කලා නිර්මාණ වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගෙන තියෙනවා. හැකන් බියොන්ට්ස්ටෝන් ස්ටෙෆන්සන්  නමැත්තා බ්ලොන්ඩෙල් විසින් නිමකළ  “ලා කාසයන් අව්බේන්” නම් සිතුවමට ඩොලර් ලක්ෂයක් වන්දි ලබාගෙන තිබුණා.ඇමේලියා පෝටලූපේ නම් ධනවතා විසින් ද ඔහුට අහිමි වුණු ගැරිබෝල්ඩ්ගේ අත්සන සහිත සිතුවමක් වෙනුවෙන් ඩොලර් 3000 ක් වන්දි විදියට ලබාගෙන තිබුණා.

මේ ටයිටැනික් නෞකාවත් සමඟම මුහුදුබත් වුණු වටිනා වස්තූන් අතර ආතර් ජෝසෆ් කොන්රෙඩ් විසින් ලියූ අත්පිටපතකට අනුව ස්ටයින්වේ පියානෝ 5ක් , ඩොලර් මිලියන 189  කට ඇස්තමේන්තුගත කළ චීන පිගන් බඩු සහ  කෝප්ප ඇතුළු තවත් වටිනා දේ මුහුදට බිලිව තියෙනවා.මේ වස්තූන් අතර තවත් වටිනාම දෙයක් වෙන්නේ නෞකාවේ තිබූ මෝටර් රථයයි. ඒ අදටත් නැවේ සුන්බුන් අතරින් සොයාගන්නට නොහැකි වුණු නැවේ පළමු පන්තියේ ගමන් කළ මගියෙක් වුණු විලියම් කාටර්ට අයත් මෝටර් රථය . එය 1912 රෙනෝල්ඩ් සී.පී. කූෆ් වර්ගයට අයත් මේ මෝටර් රථය ඒ නැවට පැටවූ එකම කාරයයි. කාටර් පවුලේ සියල්ලම මේ අනතුරෙන් දිවි ගලවා ගත්තත් මෝටර් රථය නම් මුහුදු පත්ලේම සැඟව ගියා.

මේ මෝටර් රථය අඩංගු බහාලුම නැවේ ඉදිරි කොටසේ තිබූ බවට සලකන අතර බහාලුමේ සවිමත්  බව නිසාම ඒ ඇතුළත කාරය තවමත් නිරුපද්‍රිතව ඇති බව විශ්වාස කෙරෙනවා.

ඒ විතරක් නෙවෙයි ඒ නැව ගිලෙන අවස්ථාවේ මගීන් සන්සුන් කරන්නට වොලස් හාර්ට්ලි භාවිතා කළ 2006 දී සොයාගත් වයලීනය පවා වෙන්දේසි වන්නේ  ඩොලර් මිලියන 1.5 ක් තරම්  මුදලකට. නමුත් මේ මෝටර් රථයේ අනුරුව වෙන්දේසි වුණේ 2003 දී ඩොලර් දෙලක්ෂ හැට නවදහස් නවසියකට. ඒ අනුව එය සැබැවින්ම සොයාගතහොත් එහි වටිනාකම මිල කරන්නට නොහැකි බවයි පැවසෙන්නේ.

මේ ගිලුණු නෞකාවේ ඉතාමත් අද්භූත වස්තුවක් වෙන්නේ ආමිගේ සෙල්ලිපිය සහිත රන් වළල්ල. පර්යේෂකයන් කියන ආකාරයට එහි හිමිකරු කාර්ය මණ්ඩලයේ සාමාජිකා අමන්ඩා සතුවූවක් .

මේ වටිනා භාණ්ඩ හැරුණාම මේ නෞකාව සමඟ මුහුදුබත් වුණු තවත් දුරදක්න, පනා, බුරුසු, කැඩුණු තාපදීප, ඇස් කණ්ණාඩි, රන් හැඳි ආදියත් කෞතුක භාණ්ඩ විදියට සොයාගෙන තිබෙනවා. නෞකාවේ සුන්බුන් අතුරින් සොයාගත් අයිතමයන් අතර ටයිටැනික් නෞකාවේ වේගය සහ ස්විචල් ලාම්පුව මැනීම් සඳහා වූ ලාංඡන මීටර, කෝප්ප, ඔරලෝසු  , දැලක් සහිත රන් පසුම්බි ආදිය ද ඉතා වැදගත්.

මෙහිදී හමුවුණු එක් ඔරලෝසුවක් පළමු පන්තියේ අයෙක් වුණු එඩ්මන්ට් ස්ටෝන්ට අයත් වූ එකක් වූ අතර එය හිමිකරු සමඟම අත්ලාන්තික් සාගරයේ පතුලටම ගිය අවස්ථාවේ හරියටම 2.16 ට නතර වුණා. මෙය ඩොලර් 154,000 කට අලෙවි වූ අතර ඒ වේලාව ටයිටැනික් නෞකාව ගිලිණු වේලාවයි.

එසේම 24 හැවිරිදි ජෝන් ගිල්ගේ ඔරලෝසුව 3.21 ට නතර වුණේ නෞකාව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙද්දී. ගිල්ගේ දේහය ඔහුගේ වැන්දඹුව වූ සාරාට භාරදී ඇති අතර ඔහුගේ ඔරලෝසුව ඔහුගේ බෑණනුවන් ඩොලර් 25000 කට විකුණා තියෙනවා.කොහොමවුණත් ටයිටැනික් නෞකාවේ භාණ්ඩ වසර ගණනාවක් තිස්සේ වෙන්දේසිවලට විකුණා ඇති අතර ඒ සඳහා විශාල ඉල්ලුමක් ද පැවතී තියෙනවා. නෞකාවේ කපිතාන් සතුවුණු සුරුට්ටු පෙට්ටියක් (ඩොලර් 40000), ජීවිතාරක්ෂක කබායක් (ඩොලර් 55000), ටයිටැනික් නෞකාවේ මෙනුව , සුවඳ විලවුන් ඒවාට නිදසුන්.

ඉතින් මේ ටයිටැනික් නෞකාව ගිලීගිය සාගර පතුලේ ඇති ද්‍රව්‍ය ඉවත් කිරීම හා ගවේෂණයට බලය ඇති එකම සමාගම වෙන්නේ ආර්. එම්. එස්. ටයිටැනික් ඉන්කෝපරේටර් සමාගමයි. ඉතින් ටයිටැනික් නැවේ නටබුන් අත්ලාන්තික් සාගරයේ ගැඹුරේ ඇති අතර එහි කොටස් දෙක මීටර් 600 ක පමණ දුරින් පිහිටා තිබෙන්නේ සුන්බුන් වගේම මිල කළ නොහැකි වස්තූන් සමූහයක් ද සඟවා ගනිමින්.

Leave a Comment